Home » ගතවු පැය 24 තුළ සැකකරුවන් 996 ක් අත්අඩංගුවට

ගතවු පැය 24 තුළ සැකකරුවන් 996 ක් අත්අඩංගුවට

by chanaka
March 19, 2024 10:27 am 0 comment

ගතවු පැය 24 තුළ දිවයින පුරා යුක්තිය මෙහෙයුම ඔස්සේ සිදු කළ සොදිසි කිරීම්වලින් සැකකරුවන් 996 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 935 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 61 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 935 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 50 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 23 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 67 ක් සහ වත්කම් විමර්ශනය ආරම්භ කල සැකකරුවන් 09 ක් සිටියි.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 61 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 02 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 58 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 01ක් ද සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT