Home » පලස්තීන ජනපති අමෙරිකාවෙන් කළ ඉල්ලීම

පලස්තීන ජනපති අමෙරිකාවෙන් කළ ඉල්ලීම

by chanaka
April 29, 2024 10:42 am 0 comment

ඊශ්‍රායලය, ගාසාහි රෆා නගරයට එල්ල කරන ප්‍රහාර නැවැත්විය හැක්කේ අමෙරිකාවට පමණක් බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසයි.

මේ වන විට මිලියනයකට අධික පිරිසක් රෆා නගරයේ රැකවරණය ලබා සිටියි.

මෙම ගැටලුවට මැදිහත් වන ලෙස පලස්තීන ජනාධිපතිවරයා අමෙරිකාවෙන් ඉල්ලා සිටියි. පලස්තීන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ, සෞදියේ රියාද් අගනුවර පැවති ලෝක ආර්ථික සංසදයේ දීය.

රෆා නගරයට ප්‍රහාරයක් එල්ල කරන බව ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථන සංවාදයක නිරතව ඇත.
එහිදී රෆා නගරය පිළිබඳ ජෝ බයිඩන්ගේ ස්ථාවරය නැවත අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

සාමාන්‍ය වැසියන්ට හානියක් නොවන අයුරින් විශ්වසනීය සැලැස්මක් නොදැක, රෆාහි මහා පරිමාණ ඊශ්‍රායල හමුදා මෙහෙයුමකට සහාය දිය නොහැකි බව මෙහිදී අමෙරිකාව යළි අවධාරණය කර තිබේ.

2007 වසරේ සිට ගාසා තීරය පවතින්නේ හමාස් පාලනය යටතේය. ගාසාහි ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් සිටින්නේ, රෆා නගරයේය.

ජනාකීර්ණ දකුණු නගරයේ තත්ත්වය දැනටමත් දරුණුවී ඇති අතර, එහි අවතැන් වූවන් බීබීසී මාධ්‍ය වෙත පවසා ඇත්තේ, එහි ආහාර, ජලය සහ ඖෂධ හිඟයක් පවතින බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT