Home » ජනපතිගේ මීළඟ විප්ලවය නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමයි – ඇමති පවිත්‍රා

ජනපතිගේ මීළඟ විප්ලවය නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමයි – ඇමති පවිත්‍රා

by yasara
April 29, 2024 11:50 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ විප්ලවය  වී  ඇත්තේ  නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය  නඟා සිටුවීම සඳහා  ගොවිජනතාව සූදානම් කිරීම බව  වාරිමාර්ග, වනවනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  ප්‍රකාශ කරයි.

අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ, සාම්ප්‍රදායික යල් පැන ගිය  කෘෂිකර්මාන්තයට, තිත තබා  නවීන තාක්ෂණය පදනම් කරගත් සුහුරු කෘෂිකර්මාන්තයට ගොවි ජනතාව  හැඩ ගැස්විය යුතු කාලය එළඹ ඇති බවයි.

තම ඉල්ලීම මත  සුහුරු කෘෂිකර්මාන්තය හරහා මහවැලි ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම වෙනුවෙන්    ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන  10 ක මුදලක් ලබා දී ඇතිබව සඳහන්  කරන  වන්නිආරච්චි මහත්මිය  එය  මහවැලි ගොවි ජනතාව ලද ජයග්‍රහණයක් බව ද කියා සිටියාය.

අමාත්‍ය පවිත්‍රා   වන්නිආරච්චි මහත්මිය මේ බව  කියා සිටියේ ඊයේ  (28) රත්නපුර   මහවැලි   වලව විශේෂ  බලප්‍රදේශයේ ගොවි ජනතාව සඳහා, ආසියානු සංවර්ධන බැංකුවේ   ප්‍රතිපාදන මත ආරම්භ කළ  ( SMART AGRICULTURE PACKAGE )  සුහුරු තාක්ෂණ  භාණ්ඩ  කට්ටල ප්‍රදානය කිරීමේ  උත්සව  අවස්ථාවට එක්වෙමිනි.

ඇඹිලිපිටිය  මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්‍යල ශ්‍රවණාගාරයේ දී පැවැති  මෙම උත්සවයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ  ජනතාව  නගා සිටුවීම සඳහා  සහනාධාර නොව, ඔවුන් ට ස්වාධීනව නැඟී සිටීම සඳහා  ශක්තියක්  ලබා දීම  වැදගත්  වන බවයි.

වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ඉල්ලීමකට අනුව, මහවැලි කලාප ජනතාව ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා  සුහුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය  ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්   ආසියානු සංවර්ධන බැංකුව මඟින්  ලබා දී ඇති  ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදල් යටතේ  සුහුරු තාක්ෂණ උපකරණ ප්‍රදානය කිරීම  රත්නපුර  ඇඹිලිපිටිය, වලව  මහවැලි  විශේෂ  බලප්‍රදේශයේ දී ඊයේ සිදුකෙරිනි.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්‍යල ශ්‍රවණාගාරයේ දී පැවැති  උත්සවයකදී මෙලෙස සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල  ප්‍රදානය කිරීම  සිදුවිය.

එක් සුහුරු තාක්ෂණ  උපකරණ කට්ටලයක වටිනාකම රුපියල් ලක්ෂ 05 ක් වන අතර  එවැනි  භාණ්ඩ කට්ටල  100 ක්  ඇඹිලිපිටිය   චන්ද්‍රිකා වැව මහවැලි  කොට්ඨාසයේ  ගොවි පවුල්  100 වෙත   සංකේතාත්මකව,  ප්‍රදානය කරනු ලැබීය.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි ගොවි පවුල් 465 ක් සඳහා    සුහුරු තාක්ෂණ උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ට පියවර ගෙන  තිබේ.

මේ අතර  රත්නපුර දිස්ත්‍රික්කයේ  මහවැලි  කලාප වල බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන්  වැඩි  දියුණු කළ, උසස් ආරයේ   කිකිළි පැටවුන් 20000 ක්, බෙදා හැරීම ටද පියවර ගෙන තිබේ.

ඒ අනුව  වලව චන්ද්‍රිකා වැව මහවැලි  කොට්ඨාසයේ  දැනට  කුකුළු ගොවිපළ  පවත්වා ගෙන යාම සඳහා  සූදානම්  වී සිටින  තෝරාගත් ප්‍රතිලාභීන් 41 ක් සඳහා  වැඩි  දිවුණු කළ, උසස් ආරයේ   කිකිළි පැටවුන් 50 බැගින් සංකේතාත්මකව  ප්‍රදානය කිරීම  සිදුකෙරිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා, අමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක  අයිවන් සිල්වා මහතා, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක වරුන්  වලව නේවාසික ව්‍යාපාර කළමනාකාර  ඉංජිනේරු  සුජීව ගුණසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT