Thursday, May 16, 2024
Home » සමෘද්ධි බැංකු පද්ධතියේ වෙනසක් – රාජ්‍ය සේවකයින්ටත් ණය ලබා දෙයි

සමෘද්ධි බැංකු පද්ධතියේ වෙනසක් – රාජ්‍ය සේවකයින්ටත් ණය ලබා දෙයි

by chanaka
April 29, 2024 11:07 am 0 comment

සමෘද්ධි බැංකු පද්ධතිය ඉදිරියේදී වෙනස් කිරීම් රැසක් සමඟ ලංකාවේ හොදම මූල්‍ය ආයතනය හා ජනතාවගේ සුහදශීලීම බැංකුව බවට පත් කරන බවත් මේවන විට රාජය සේවකයින්ට සහ ගෘහණියන්ට එම බැංකුව හරහා සහන ණය ලබා දීමේ වැඩ සටහනක්ද ආරම්භ කර ඇති බවත් සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල් සී.ඩී කළුආරච්චි මහතා සදහන් කරයි.

ඊයේ(28) ඒ පිළිබඳ මැදවච්චියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ ප්‍රකාශ එසේ කළේය.

බැංකු කාර්යය මණ්ඩල නැවත ජනතා සුහඳ ශීලි කාර්යය මණ්ඩලයක් බවට පත් කිරීමට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා අවුරුදු 05 ක කාලසීමාව යටතේ ස්ථානමාරු කිරීම් විධිමත්ව සිදුකිරීමද ඉදිරියෙදී සිදු කරන බවද සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල් වරයා එහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල් සී.ඩී කළුආරච්චි මහතා,

“අපි බැංකු පද්ධතිය ශක්තිමත් කරන්න විවිධ යෝජන රැගෙන ඒ පිළිබඳ සිතා බලා තීන්දු තීරණ රැසක් අරගෙන තිබෙනවා. අපි අපේ බැංකු පද්ධතිය ලංකාවේ හොදම මූල්‍ය ආයතනයක් බවට පති කිරීමට අපේක්ෂා කරනවා. එමෙන්ම මේ වන විට සියලු බැංකු ජාල ගත කිරීම් සිදු වෙමින් පවතිනවා. ඒ වගේම බැංකු හරහා ලබා දෙන මූල්‍යමය පහසුකම් වැඩි කිරීම ගැනත් තීන්දු රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව ක්ෂද්‍රමූල්‍ය ණය උගුලේ සිරවී සිටින ගෘහනියන් එයින් ගලවා ගැනීමට අපි “ලිය සවිය ” කාන්තා ණය පහසුකම සියලු බැංකු මගින් සහණ පොලියට ලබා ගැනීමට අවස්තාව ලබා දී තිබෙනවා. ඒ වගේම අපි අලුතින් රාජ්‍ය සේවකයින්ට “සමෘද්ධි ලක්සර” නමින් රුපියල් ලක්ෂ 10 ණයක් ලබා දීම ආරම්භ කළා. ඒ තුළින් බැංකුව වටා තව තවත් ජනතාව එක් රොක් වෙයි කියන විශ්වාසය අපිතුළ තිබෙනවා.

අපට විටෙන් විට ඇතැම් ප්‍රදේශවලින් ලැබෙන පැමිණිලි සලකා බලා බැංකු කාර්යය මණ්ඩල පුහුණු කිරීමේ වැඩසටහන් වලට යොමු කරන්න තීරණය කරලා තිබෙනවා. ඒ වගේම අවුරුදු ගනම් එකම බැංකු බද්ධතිය ඇතුලේ සේවය කරන නිලධාරින් පිළිබඳ සැලකිලිමත් වී අවුරුදු 05 න් පහට මාරු කිරීමේ ක්‍රමවේදය නිසි අයුරින් ක්‍රියාත්මක කරනන් උපදෙස් ලබා දී තිබෙනවා. සමෘද්ධි බැංකු පද්ධතියතුළ ඇගිලිසලකුණු යන්ත්‍ර ස්ථාපිත කරමින් සියලු නිලධාරින්ගේ සේවය ජනතාවට ලබා දීමට මාර්ගය සකසා දෙනවා“ යැයි පැවසූහ.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT