Thursday, May 16, 2024
Home » වයස මාස 09 ළදැරියකගේ මළ සිරුරක් ළිං පතුළෙන් හමුවෙයි

වයස මාස 09 ළදැරියකගේ මළ සිරුරක් ළිං පතුළෙන් හමුවෙයි

by yasara
April 29, 2024 2:48 pm 0 comment

වයස මාස 09 ක ළදැරියක ළිං පතුළක මියගොස් සිටියදී සොයාගත් බව පොලීසිය පවසයි. ඊයේ (28)  දින මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම මියගිය ළදැරිය සොයාගෙන තිබේ.

මහබාගේ රාගම හල්ලන්දුරුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ළිදක මියගොස් ජලය මත පා වෙමින් තිබියදී මෙම මළ සිරුර සොයාගෙන ඇත.

මිය ගිය ළදැරිය අංක 53/05 හල්ලන්දුරුව රාගම ලිපිනයේ පදිංචි නෙයි නුෂාරි ඔස්මාන් යන කාන්තාවන්ගේ අගීතා මහීර් නැමති බාල  දියණිය බව පොලීසිය කියයි. දැරියගේ පියා වත්තල ප්‍රදේශයේ වාහන අංගනයක සේවය කරන බව ද පොලිසිය පවසයි ළදැරියකගේ අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද දුරකථන ඇමතුමක් අනුව පොලිසිය හා ප්‍රදේශවාසීහු එක්ව කළ සොයාබැලීමේ දී cctv දර්ශන අනුව ළදැරිය ගේ මව විසින් ඇයව වඩාගෙන දැරිය මියගොස් සිටි ළිද පිහිටි නිවස දෙසට ගමන් කරන අයුරු නිරීක්ෂණ වී ඇත.

ළදැරිය මියගොස් ඇති ආකාරය සැක සහිත බැවින් වැලිසර වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් සිදු කල ස්ථානීය පරීකෂාවකින් පසුව දේහය පිළිබඳ පශ්චාත් අධිකරණය මරණ පරීක්ෂණයක් පැවැත්වීමට දේහය රාගම රෝහලට රැගෙන යන ලෙස පොලිසිය ට උපදෙස් දී ඇත.

සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT