තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු පාසලක් ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
දුරකථන,ෆැක්ස් සහ ඊමේල් මගින් ඒ බව දැනුම් දෙන ලෙස අමාත්‍යංශය ඉල්ලීමක් කර සිටියි.
රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළ ව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.
ඒ අනුව සියලු පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇතැයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එසේම පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබද පහත දුරකථන, ෆැක්ස්, ඊමේල් මගින් වහාම දැනුම් දිය හැකිය.
පෙළ පොත් සඳහා – දුරකථන අංක – 0112784815/0112785306
ෆැක්ස් – 0112784815
විද්‍යුත් ලිපිනය -epddistribution2024@gmail.com
නිල ඇඳුම් රෙදි සඳහා – දුරකථන අංක – 0112785573
ෆැක්ස් – 0112785573
විද්‍යුත් ලිපිනය – schoolsupplymoe@gmail.com