Home » තවමත් පෙළපොත්, නිල ඇඳුම් රෙදි ලැබුණේ නැත්නම් වහාම දැනුම් දෙන්න

තවමත් පෙළපොත්, නිල ඇඳුම් රෙදි ලැබුණේ නැත්නම් වහාම දැනුම් දෙන්න

by chanaka
March 19, 2024 10:40 am 0 comment
education news

තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු ‍පාසලක් ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

දුරකථන,ෆැක්ස් සහ ඊමේල් මගින් ඒ බව දැනුම් දෙන ලෙස අමාත්‍යංශය ඉල්ලීමක් කර සිටියි.

රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළ ව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ඒ අනුව සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු‍ ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇතැයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එසේම පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබද පහත දුරකථන, ෆැක්ස්, ඊමේල් මගින් වහාම දැනුම් දිය හැකිය.

පෙළ පොත් සඳහා – දුරකථන අංක – 0112784815/0112785306
ෆැක්ස් – 0112784815
විද්‍යුත් ලිපිනය [email protected]

නිල ඇඳුම් රෙදි සඳහා – දුරකථන අංක – 0112785573
ෆැක්ස් – 0112785573
විද්‍යුත් ලිපිනය – [email protected]

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT