Home » නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 04 ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 04 ක් අත්අඩංගුවට

by yasara
April 29, 2024 12:30 pm 0 comment

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ ( 28)  දින උදෑසන කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය හතළිස් තුනක පමණ තොගයක් (343) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් පේසාලේ නාවික අනුඛණ්ඩය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙයි.

මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 52 ත් අතර වයසේ පසුවන මන්නාරම සහ පේසාලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සිව් දෙනා (04), මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT