Friday, May 16, 2025
Home » බොරැල්ල පොලි­සියේ තිදෙ­න­කුට පහර දුන් අයිය-නගෝට වැඩ වරදී

බොරැල්ල පොලි­සියේ තිදෙ­න­කුට පහර දුන් අයිය-නගෝට වැඩ වරදී

by Gayan Abeykoon
March 19, 2024 1:15 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ
Arrested

 බොරැල්ල පොලි­සිය තුළ දී සුළු පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු පොලිස් නිල­ධා­රීන් තිදෙ­න­කුට පහර දුන් එකම පවුලේ සහෝ­ද­ර­යෙක් සහ සහෝ­ද­රි­යක් අත්අ­ඩං­ගු­වට ගත් බව බොරැල්ල පොලි­සිය කියයි. මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ රාජ­ගි­රිය ඔබේ­සේ­ක­ර­පුර අරු­ණෝ­දය මාවත පදිංචි වයස අවු­රුදු 24 තැනැ­ත්ති­යක් හා වයස අවු­රුදු 31ක ඇයගේ සහෝ­ද­ර­යායි.

සැක­කරු සහ සැක­කා­රි­යගේ පහර කෑමට ලක්වූ සුළු පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති ලෙස කට­යුතු කරන පොලිස් පරී­ක්ෂක පිය­තුංග,  පොලිස් සැර­යන් 66707 හේරත් හා කාන්තා පොලිස් කොස්තා­පල් 13372 ධනුෂ්කා යන නිල­ධා­රීන් සහ නිල­ධා­රි­නි­යයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කා­රිය මීට දින කීප­ය­කට පෙර  ඇයගේ මවට විරු­ද්ධව දමා තිබූ පැමි­ණි­ල්ලක් බොරැල්ල පොලි­සියේ සුළු පැමි­ණිලි අංශය තුළ විභාග කර­මින් සිටි­යදී  සැක­කා­රිය විසින් ජංගම දුර­ක­ථ­න­යෙන් පැමි­ණිල්ල විභාග කරන ආකා­රය කට­හඬ පටි­ගත කිරීම හේතු­වෙන් එම අව­ස්ථා­වේදී ඇයට අව­වාද කර ජංගම දුර­ක­ථ­නය පොලිස් භාර­යට ගෙන නඩු භාණ්ඩ­යක් ලෙස පොලිස් භාරයේ තබා තිබිණි. අන­තු­රුව එම දුර­ක­ථ­නය නිද­හස් කර ගැනීම සඳහා  සැක­කා­රිය පැමිණි අව­ස්ථාවේ දී කාන්තා පොලිස් කොස්තා­පල් 13648 මල්ශිකා නිල­ධා­රි­නිය ඇය­ගෙන් ප්‍රකා­ශ­යක් සට­හන් කර ගැනී­මට යාමේදී  ජංගම දුර­ක­ථ­නය පරික්ෂා කිරී­මට අවශ්‍ය බවට සැක­කා­රිය පැව­සී­මෙන් අන­තු­රුව  පොලිස් කොස්තා­ප­ල්ව­රිය ජංගම දුර­ක­ථ­නය ඇය වෙත පරීක්ෂා කිරීම සඳහා ලබා  දී ඇත.  එම අව­ස්ථාවේ දී සැක­කා­රිය ජංගම දුර­ක­ථ­න­යත් රැගෙන පොලිස් ස්ථාන­යෙන් පලා යාමට උත්සාහ දැරීමේ දී 13372 ධනුෂ්කා නිල­ධා­රි­නිය විසින් එය වැළැ­ක්වී­මට යාමේ දී සැක­කා­රිය විසින් එම නිල­ධා­රි­නිගේ ගෙලට පහර දී ඇති අතර සුළු පැමි­ණිලි  අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා විසින් එය වැළැ­ක්වී­මට යාමේ දී ඔහුගේ පපු ප්‍රදේ­ශ­යට සැක­කා­රිය සමඟ පැමිණි ඇයගේ සහෝ­ද­රයා විසින් පහර  දී ඇතැයි පොලි­සිය කියයි. එය දුටු පොලිස් සැර­යන් 66707 හේරත්  නිල­ධා­රියා විසින් එය වැළැ­ක්වී­මට යාමේ දී ඔහු­ටද සැක­කරු විසින් පහර දී ඇති බව පොලිස් විම­ර්ශ­න­වල දී අනා­ව­ර­ණය වී ඇත.

අන­තු­රුව සෙසු පොලිස් නිල­ධා­රීන් විසින් අවම බලය යොදා පොලිස් නිල­ධා­රීන්ට පහර දී රාජ­කා­රි­යට බාධා කිරීම සම්බ­න්ධ­යෙන් සැක­කරු සහ සැක­කා­රිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT