Home » ගාල්ල ජේල­ර්ව­ර­ය­කුගේ නිවෙස ඉදි­රි­පිට මල්ව­ඩ­මක් ඉටි­ප­න්ද­මක්

ගාල්ල ජේල­ර්ව­ර­ය­කුගේ නිවෙස ඉදි­රි­පිට මල්ව­ඩ­මක් ඉටි­ප­න්ද­මක්

බන්ධ­නා­ගා­ර­යෙන් පරි­ක්ෂ­ණ­යක්

by Gayan Abeykoon
March 19, 2024 1:15 am 0 comment

ගාල්ල බන්ධ­නා­ගා­රයේ ජේල­ර්ව­ර­ය­කුගේ අම්බ­ල­න්ගොඩ ප්‍රදේ­ශයේ නි‍ෙව­සක් ඉදි­රි­පිට මල්ව­ඩ­මක් සහ ඉටි­ප­න්ද­මක් තැබීමේ සිද්ධි­යක් පිළි­බඳ බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර තිබේ. ඊයේ (18) උදෑ­සන සිය නිවසේ ප්‍රධාන දොර විවෘත කළ අව­ස්ථාවේ දී ඒ ඉදි­රි­පිට මල්ව­ඩ­මක් සහ ඉටි­ප­න්ද­මක් තිබෙනු දුටු මෙම ජේල­ර්ව­රයා ඒ පිළි­බ­දව ගාල්ල බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාට දැනුම් දී ඇති අතර අම්බ­ල­න්ගොඩ පොලි­සි­යට ද පැමි­ණිලි කර ඇත.  

ගාල්ල බන්ධ­නා­ගා­රයේ සේවයේ නියුතු මෙම ජේල­ර්ව­රයා සිර­මැ­දිරි සෝදිසි කිරී­ම්වල දී තහ­නම් ද්‍රව්‍ය රැසක් සිර­ක­රු­වන් සතුව තිබී සොයා ගෙන ඇති අතර ඒ පිළි­බ­ඳව ඇතැම් සිර­ක­රු­වන් ඔහුත් සමඟ අම­නා­ප­යෙන් සිටි බව ද ගාල්ල බන්ධ­නා­ගාර ආරංචි මාර්ග කියයි. පසු­ගිය දින­වල එම බන්ධ­නා­ගා­ර­යෙන් පිටත සිටින පුද්ග­ල­යන් රබර් බෝල තුළ බහා එවූ ජංගම දුර­ක­තන කිහි­ප­යක් මෙම නිල­ධා­රියා විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි. මේ සම්බ­න්ධ­යෙන් ද ඇතැම් රැඳ­වූ­වන් ඔහු සමඟ කෝප­යෙන් සිටි බව ද වාර්තා වේ.

මේ සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය මහ­තාගේ උප­දෙස් මත ගාල්ල බන්ධ­නා­ගා­රයේ ජේල­ර්ව­ර­ය­කුගේ ප්‍රධා­න­ත්ව­යෙන් විශේෂ පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කළ අතර මේ සිද්ධි­යට සැක කෙරෙන සිර­ක­රු­වකු සම්බ­න්ධව එහි දී තොර­තුරු අනා­ව­ර­ණය වී ඇතැයි බන්ධ­නා­ගාර උසස් නිල­ධා­රි­යකු දින­මි­ණට කීය. මේ සිර­කරු මත්ද්‍රව්‍ය ජාවා­රම් සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබු­වකු බවත් විම­ර්ශන වාර්තා අනුව ඔහු මේ සිද්ධි­යට සම්බන්ධ බවට තහ­වුරු වුව­හොත් ඔහු පිළි­බ­ඳව දැඩි විනය ක්‍රියා­මාර්ග ගන්නා බව ද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

බුද්ධිකා ඉඹු­ලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT