Home » සෞඛ්‍ය වර්ජ­නය තාව­කා­ලි­කව අත්හි­ටු­වයි

සෞඛ්‍ය වර්ජ­නය තාව­කා­ලි­කව අත්හි­ටු­වයි

by Gayan Abeykoon
March 19, 2024 1:16 am 0 comment

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද (19) සිදු කිරී­මට නිය­මි­තව තිබූ වැඩ වර්ජ­නය තාව­කා­ලි­කව අත්හි­ටවූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධා­නයේ සම කැඳ­වු­ම්කරු චානක ධර්ම­වි­ක්‍රම මහතා පැවැ­සීය. සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා ලිඛි­තව සිදු කළ ඉල්ලී­ම­කට අනුව මෙම වැඩ වර්ජ­නය ක්‍රියා­වට නැංවීම සති­ය­කින් කල් දැමූ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය වෘත්තීය සමි­තීන් 72ක ඉල්ලීම ඉටු කිරීම සඳහා සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා සහ ලේක­ම්ව­රයා විසින් මුදල් අමා­ත්‍යාං­ශ­යට යොමු කළ වාර්තා­වට අනු­මැ­තිය ලබා ගැනීම වෙනු­වෙන් මුදල් අමා­ත්‍යාං­ශය සමඟ සාක­ච්ඡා­වක් සූදා­නම් කර­මින් සිටින බවත් එම සාක­ච්ඡාව සම්බ­න්ධ­යෙන් ඉදිරි දින කිහි­පය තුළ දී දැනුම් දෙන බවට සෞඛ්‍ය ලේක­ම්ව­රයා පැවසූ බවත් ඒ මහතා පැව­සු­වේය. වැඩ වර්ජ­නය සිදු කිරී­මෙන් රෝගීන්ට වන අප­හ­සු­තාව සලකා බලා වෘත්තීය සමිති මෙම වැඩ වර්ජ­නය තාව­කා­ලි­කව නතර කළ බව ද හෙතෙම පැවැ­සීය.

 

සන්ධ්යා කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT