Home » වහ­ලෙන් වහ­ලෙට පැන පලා­යා­මට තැත්කළ ‘අක්කර 8 චතු’ මත්ද්‍රව්‍ය ජාවා­ර­මා‍ ­අ­ත්අ­ඩං­ගු­වට

වහ­ලෙන් වහ­ලෙට පැන පලා­යා­මට තැත්කළ ‘අක්කර 8 චතු’ මත්ද්‍රව්‍ය ජාවා­ර­මා‍ ­අ­ත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
March 19, 2024 1:19 am 0 comment

යුක්තියේ මෙහෙ­යුම යටතේ (17) අලු­යම බණ්ඩා­ර­ගම රයි­ගම අක්කර 8 ප්‍රදේ­ශය ආව­ර­ණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙ­යු­මේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වෙකු වන Òඅක්කර 8 චතු Ò නමැත්තා ඇතුළු හය­දෙ­නකු මත්ද්‍රව්‍ය සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව බණ්ඩා­ර­ගම පොලි­සිය කියයි.

චතු නමැති මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කරු ඔහුගේ නිවසේ වහ­ල­යෙන් තවත් නිවාස දෙකක වහ­ල­ව­ලට පැන පලා­යා­මට තැත් කළ ද හතර වටින්ම පොලිස් නිල­ධා­රීන්, යුද හමුදා නිල­ධා­රීන් සහ විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන් වට­කර ඇති බවට දැකී­මෙන් අන­තු­රුව වහ­ල­යෙන් බැස පොලි­සි­යට භාර විය.

එම සැක­කරු මීට පෙර අව­ස්ථා­වක ද පාන­දුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගැනී­මට ගිය අව­ස්ථා­වේදී ඒ ආකා­ර­යෙන්ම වහ­ලෙන් වහ­ල­යට පැන පලා­යා­මේදී එක් නිව­සක වහ­ලය කැඩී බිමට වැටී තුවාල ලැබී­මෙන් අන­තු­රුව අත්අ­ඩං­ගු­වට පත්විය.

එම සැක­කරු සන්ත­කයේ තිබී හොර­යින් මත්කුඩු මිලි­ගෑම් 5300ක් පොලිස් භාර­යට ගැනී­මට හැකි විය.

තවත් සැක­ක­රු­වෙකු තම වත්තේ මල් වගාව අතර පෝච්චි­වල වවා තිබූ ගංජා පැළ සමඟ හා තවත් පුද්ග­ල­යෙකු ගංජා සමඟ මෙන්ම මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූ පුද්ග­ල­යන් කීප දෙනෙකු ද මෙන්ම හිටපු කල්ලි­යක සාමා­ජි­ක­යෙක් ද අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ උප­දෙස් මත ක්‍රියා­ත්මක යුක්තිය මෙහෙ­යුම තුන අදි­යර යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන් යුද්ධ හමුදා නිල­ධා­රීන් ඇතුළු පොලිස් නිල­ධා­රීන් 150 දෙන­කුගේ පමණ සහ­භා­ගි­ත්ව­යෙන් මෙම මෙහෙ­යුම සිදු කෙරිණි.  අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් පාන­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. පාන­දුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී වෙනු­වට සහ­කාර පොලිස් අධි­කා­රියේ නිශාන්ත සේනා­රත්න මහ­තාගේ උප­දෙස් මත සහ­කාර පොලිස් අධි­කාරී සම්පත් බණ්ඩාර මහ­තාගේ ඍජු අධී­ක්ෂ­ණය යටතේ බණ්ඩා­ර­ගම පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තුෂාර ද සිල්වා මහතා ඇතුළු නිල­ධා­රීන් වැට­ලීම මෙහෙ­ය­වූහ.

 

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT