Friday, May 16, 2025
Home » වික්ටෝ­රියා ජලා­ශ­යෙන් දින­කට ජලය ලීටර් මිලි­යන 6ක් වාෂ්ප වෙනවා

වික්ටෝ­රියා ජලා­ශ­යෙන් දින­කට ජලය ලීටර් මිලි­යන 6ක් වාෂ්ප වෙනවා

කාර්ය­භාර ඉංජි­නේ­රු­

by Gayan Abeykoon
March 19, 2024 1:15 am 0 comment

අසේල කුරු­ළු­වංශ

මෙම දින­වල පව­තින අධික වියළි කාල­ගු­ණික තත්ත්ව­යත් සමඟ වික්ටෝ­රියා ජලා­ශ­යෙන් පම­ණක් දෛනි­කව ජලය ලීටර් මිලි­යන 6.5 ක් වාෂ්ප වන බව ජලා­ශයේ කාර්ය­භාර ඉංජි­නේරු වසන්ත ඇහැ­ල­පි­ටිය මහතා පව­සයි.  වර්ග කිලෝ මීටර් 24 ක භූමි ප්‍රමා­ණ­යක පැතිරී තිබෙන ජලා­ශයේ මුහු­ණ­තට ඇද වැටෙන අධික හිරු රශ්මිය හේතු­වෙන් මතු­පිට පෘෂ්ඨයේ මිලි මීටර් 4.5ක ඝන­ත්ව­යෙන් යුත් කොට­සක් දින­පතා වාෂ්ප වන බවත් ඒ මහතා කීය.  

මේ වන­විට ජලා­ශය සම්පූර්ණ ධාරි­තා­වෙන් 80 % ක් පමණ ජල­යෙන් පිරී පව­තින බව ද ඒ මහතා පැව­සු­වේය.

ජලා­ශයේ උප­රිම ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438.4ක් වන අතර මේ වන­විට 432.59ක උස­කට ජලය පිරී ඇතැයි ද ජල විදු­ලිය නිෂ්පා­ද­නය සඳහා ඝන මීටර් මිලි­යන 4.143ක ජල ප්‍රමා­ණ­යක් පසු­ගිය 17 දින මුදා­හැර ගිගා­වොට් පැය 1.691ක විදුලි උත්පා­ද­න­යක් සිදු­කළ බවත් ඇහැ­ල­පි­ටිය මහතා කීය.  විදුලි නිෂ්පා­ද­නය හා ගොවි­තැන් කට­යුතු සඳහා ජලය මුදා හැරීම සම්බ­න්ධ­යෙන් ජල ලේකම් කාර්යා­ලය මඟින් සති­පතා රැස්ව තීර­ණය කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT