Home » ධාන්‍ය බීජ විය­ළී­මට ශ්‍රී ලංකාව හඳුන්වා දුන් Solar Tunnel Dryer තාක්ෂ­ණික ක්‍රම­වේ­දය සාර්ථ­කයි

ධාන්‍ය බීජ විය­ළී­මට ශ්‍රී ලංකාව හඳුන්වා දුන් Solar Tunnel Dryer තාක්ෂ­ණික ක්‍රම­වේ­දය සාර්ථ­කයි

by Gayan Abeykoon
March 26, 2024 1:00 am 0 comment

බඩ­ඉ­රිඟු ඇතුළු ධාන්‍ය බීජ විය­ළීම සඳහා කෘෂි අංශ නවී­ක­රණ ව්‍යාපෘ­තිය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතා­වට හඳුන්වා දුන් සූර්ය බල­ශ­ක්ති­යෙන් ක්‍රියා­ත්මක වන Solar Tunnel Dryer තාක්ෂ­ණික ක්‍රම­වේ­දය සාර්ථක වී ඇත. මෙම නව සොයා ගැනීම මුළු­ම­නින්ම ශ්‍රී ලංකාව සතුවේ.

බඩ­ඉ­රිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුර­ක්කන් හා උඳු ආදී බීජ සඳහා යොදා­ගන්නා ධාන්‍ය ආර­ක්ෂි­තව විය­ළීම සඳහා මෙම බීජ විය­ළීමේ පද්ධ­තිය කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශය යටතේ ඇති කෘෂි අංශ නවී­ක­රණ ව්‍යාපෘ­තිය මඟින් හඳුන්වා දී තිබිණි. ධාන්‍ය බීජ විය­ළීමේ මෙම නව පද්ධ­තිය වව්නි­යාව නෙලු­ක්කු­ලමේ දී පසු­ගි­යදා (23) කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා විවෘත කරනු ලැබීය.

මෙම පද්ධ­තියේ ඇති විශේ­ෂ­ත්වය වන්නේ සමස්ත පද්ධ­ති­යම හිරු එළි­යෙන් ජන­නය වන විදු­ලි­බ­ල­යෙන් ක්‍රියා­ත්මක වීමයි. ඊට අම­ත­රව මුළු ගබ­ඩා­වම වීදුරු ආව­ර­ණ­ය­කින් ආව­ර­ණය කර ඇති නිසා ස්වභා­වික හිරු­එ­ළිය මෙන්ම සූර්ය රශ්මි­යද අඛ­ණ්ඩ­වම ලැබේ.

බුද්ධිකා ඉඹු­ලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT