263
බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (26) පෙරවරුවේ ගමන් ගත් පොඩි මැණිකේ දුම්රියේ ගමන් ගත් කාන්තාවකගේ හිස බිංගෙයක වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා දේමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බව පොලිසිය පවසයි.
එහිදි තුවාල ලබා ඇත්තේ Cybopoba Suvorova නැමති රුසියන් තරුණියක බවද පොලිසිය සඳහන් කරයි
මෙම තරුණිය අවට සිරි නරඹමින් යන අවස්ථාවේ දි ඇල්ල ආරුක්කු නවය නැරඔුම් ස්ථානය පසුකර ඇල්ල දෙසට ගමන් ගැනීමේදි මෙම අනතුරට ලක්ව ඇති බව විමර්ශන වලදි අණාවරණය වි ඇත.
අනතුරුව එම දුම්රියෙන් ම ඇල්ල දුම්රිය ස්ථානය දක්වා රැගෙනවිත් 1990 ගිලන් රථයක් මගින් ප්‍රතිකාර සදහා රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.