Home » පෞද්ග­ලික බස් රියැ­දුරු ලංගම රියැ­දුරුට හා කොන්දො­ස්ත­රට පිහි­යෙන් ඇනලා
කාල­ස­ට­හන් ගැන කතා­වක් දුර­දිග ගිහින්

පෞද්ග­ලික බස් රියැ­දුරු ලංගම රියැ­දුරුට හා කොන්දො­ස්ත­රට පිහි­යෙන් ඇනලා

කුපිත වූ ලංගම සේව­කයෝ පහර දී බස­ය­ටත් හානි කරලා

by Gayan Abeykoon
March 26, 2024 1:00 am 0 comment

බදුල්ල, මුත්තෙ­ට්ටුව මාර්ගයේ ගමන් ගන්නා ශ්‍රී ලංගම හා පෞද්ග­ලික බස්රථ රියැ­දු­රන් අතර ඊයේ (25) පස්ව­රුවේ ඇති වූ ගැටු­ම­කින් බර­ප­තළ තුවාල ලැබූ බදුල්ල ශ්‍රී ලංගම ඩිපෝ­වට අයත් රියැ­දුරු මහ­තකු සහ කොන්දො­ස්ත­ර­ව­ර­යකු ප්‍රති­කාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කළ බව පොලි­සිය පැව­සීය.

එම මාර්ගයේ ගමන් ගන්නා බස්ර­ථ­වල ධාවන කාල­ස­ට­හන පිළි­බ­ඳව ඇතිවූ බහි­න්බ­ස්වී­මක් මෙම සිද්ධි­යට මුල්ව තිබේ. එම බහි­න්බස් වීම දුර­දිග යෑමෙන් පසු පෞද්ග­ලික බස් රථයේ රිය­දුරු ලංගම රියැ­දුරු හා කොන්දො­ස්ත­ර­ව­ර­යාට පිහි­ය­කින් පහර දී ඇත. අන­තු­රුව බදුල්ල ඩිපෝ­වට අයත්  බස් රියැ­දු­රන් හා කොන්දො­ස්ත­ර­ව­රුන් ඇතුළු කාර්ය මණ්ඩ­ලය එම සිදු­වී­මට අදාළ පෞද්ග­ලික බස් රථ රියැ­දු­රුට පහර දී බස් රථ­යට ද අලා­භ­හානි කර­මින් එම ස්ථානයේ කළ­හ­කාරි ලෙස හැසි­රුණු බවද පොලි­සිය පව­සයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් පෞද්ග­ලික බස් රථ රියැ­දුරු හා කොන්දො­ස්ත­ර­ව­රයා සමඟ බසය ද පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දු­ර­ටත් විම­ර්ශන ආරම්භ කර තිබේ. මේ පිළි­බ­ඳව ⁣බදුල්ල මූල­ස්ථාන පොලිස් රථ­වා­හන අංශය විසින් වැඩි­දු­ර­ටත් විම­ර්ශන ක්‍රියා­ත්මක බවද පොලි­සිය කියා සිටි­යේය.

 

බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන, සොර­ණා­තොට සමූහ - සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT