Home » ගංජා නඩු­වක වරද පිළි­ග­ත්තත් විත්ති­ක­රුව නිද­හස් කර මුදා හැරලා
පොලි­සිය සැක­ක­රුට එරෙහි චෝදනා ගොඩ­නඟා නෑ

ගංජා නඩු­වක වරද පිළි­ග­ත්තත් විත්ති­ක­රුව නිද­හස් කර මුදා හැරලා

by Gayan Abeykoon
March 26, 2024 1:00 am 0 comment

ගංජා මිලි­ග්‍රෑම් 990ක් මුද­ලට විකි­ණීමේ සහ ගංජා මිලි­ග්‍රෑම් 1,600ක් සන්ත­කයේ තබා ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය හමුවේ චෝදනා ලබා සිටි විත්ති­ක­රු­වකු එකී චෝද­නා­වට අධි­ක­ර­ණය හමුවේ වරද පිළි­ග­ත්තද ඔහු අදාළ නඩු­වෙන් නිද­හස් කර මුදා හරින ලෙස අනු­රා­ධ­පුර අති­රේක මහෙ­ස්ත්‍රාත් කංචනා නර්ථනා අභි­මානී සෙන­වි­රත්න මෙන­විය නියෝග කළාය.

මෙලෙස නිද­හස් කර මුදා හැරියේ අනු­රා­ධ­පුර අති­රේක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ පැවැති ඒ/ඩී/2/111/2024 අංක දරන නඩුවේ සැක­කරු වන පර­ස­න්ග­ස්වැව පලු­ගො­ල්ලෑව පදිං­චි­ක­රු­වකු වන ආනන්ද ආරි­ය­දාස නමැ­ත්තෙකි. මෙම සැක­කරු ගංජා මිලි­ග්‍රෑම් 990ක් මුද­ලට විකු­ණ­මින් සිටි­යදී සහ තවත් ගංජා මිලි­ග්‍රෑම් 1,600ක් සන්ත­කයේ තබා­ගෙන සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගනු ලැබූවේ පර­ස­න්ග­ස්වැව පොලි­සිය මගිනි. පසුව අධි­ක­රණ නියෝග මත දින තුනක් සැක­කරු රඳවා තබා ගෙන ප්‍රශ්න කළ අතර, එකී ප්‍රශ්න කිරී­මෙන් අන­තු­රුව සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබේ. එලෙස සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ මුල් අව­ස්ථා­වේ­දීම තමන් වරද පිළි­ගන්නා බව සැක­කරු ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජ­ක­රුණා මහතා මඟින් අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. පසුව සැක­කරු වරද පිළි­ගන්නා බව අධි­ක­ර­ණ­යට දැනුම් දීම සැල­කි­ලල්ට ගත් අනු­රා­ධ­පුර අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රිය පර­ස­න්ග­ස්වැව පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක අන­ව­ර්දීන් මහ­තාට නියෝග කළේ සැක­ක­රුට දඬු­වම් නියම කිරීම සඳහා පොලි­ස්ප­ති­ව­රයා විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍ර­ලේ­ඛය ප්‍රකා­රව ඔහුට එරෙ­හිව චෝදනා පත්‍ර­යක් ගොනු කරන ලෙසයි.

අති­රේක මහෙ­ස්ත්‍රා­ත්ව­රි­යගේ එකී නියෝ­ග­යට අනුව පර­ස­න්ග­ස්වැව පොලි­සියේ ස්ථානා­ධි­ප­ති­ව­රයා සැක­ක­රුට එරෙ­හිව චෝදනා පත්‍ර­යක් ගොනු කිරීම පැහැර හැර අධි­ක­ර­ණ­යට වැඩි­දුර වාර්තා ඉදි­රි­පත් කර­මින් කරුණු කීය. එය සැල­කි­ල්ලට ගත් අති­රේක මහෙ­ස්ත්‍රා­ත්ව­රිය පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­පත් කළ වැඩි­දුර වාර්තාව ප්‍රති­ක්ෂේප කර­මින් සැක­කරු ඔහුට එරෙ­හිව පැවැති නඩු­වෙන් නිද­හස් කර මුදා හැරී­මට නියෝග කළාය.

පැමි­ණිල්ල වෙනු­වෙන් පර­ස­න්ග­ස්වැව පොලි­සියේ ස්ථානා­ධිති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අන­ව­ර්දීන් මහතා සමඟ එම පොලි­සියේ නිල­ධා­රීන් පෙනී සිටි අතර, සැක­කරු වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජ­ක­රුණා මහතා ඇතුළු නීතිඥ පිරි­සක් පෙනී සිටි­යහ.

 

අනු­රා­ධ­පුර - උපාලි ආනන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT