Home » පෙර පාසල් දරුවන්ට 25 වසරක් නොමිලයේ ඉගැන්වූ ගංගා උශාන්ති ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

පෙර පාසල් දරුවන්ට 25 වසරක් නොමිලයේ ඉගැන්වූ ගංගා උශාන්ති ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

කොළොන්නාව තරුණ බෞද්ධ සංගමය මඟින් පාලනය වන ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක පෙර පාසලේ දරුවන් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, ධනය ද වැය කරමින් 25 වසරක කාලයක් නොමිලයේ අධ්‍යාපනය ලබාදුන් පෙර පාසල් ගුරුවරියක හා විදුහල්පතිවරියකද වන ගංගානි උශාන්ති මහත්මිය, ‘ශ්‍රී ලංකාභිමානි කිර්ති ශ්‍රී දේශතිලක’ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ජීවත් වන පවුල් බොහොමයක්, ඉතා දරිද්‍රතාවයෙන් යුතු දැඩි දුෂ්කරතා මධ්‍යයේ එදිනෙදා තම ජීවිත ගැටගසා ගන්නා පිරිසකි. එම දෙමාපියන්ගේ දුවා දරුවන් හට අකුරු කරමින් සමාජයේ යහපත් පුරවැසියන් බවට පත් කොට සමාජගත කිරීම පිණිස ගංගා ගුරුතුමිය දරනුයේ අපමණ වෙහෙසකි.

ඇය විද්‍යාවේදී මානව සම්පත් උපාධිධාරිනියක වන අතර, ඇය තරුණ අවධියේම රුධිර ආශ්‍රිත දරුණු රෝගාබාධයකට මුහුණ දී තිබේ. ඉතා ඉහළ සුදුසුකම් තිබුණ ද ඇය කිසිඳු රැකියාවකට නොගියාය. ජීවිතේ ඉදිරි කාලය අන් අයට සේවය කිරීම ඒකායන පරමාර්ථය කරගත් ඇය, පෙර පාසල් දරුවන් අතරේ තම ජීවිතය ගත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව 25 වසරක් පුරා ඔරුගොඩවත්ත පෙර පාසල් දරුවන්ට නොමිලයේ ඉගැන්වීම් කර ඇති අතර, ඇයගේ ගෝල බාලයන් අද වන විට සමාජයේ ඉහළ තැන්වල වැජඹෙන අයුරු දැක ඇය හදවතින්ම සතුටට පත් වේ.

ඇය සමාජ සේවය වෙනුවෙන්ම කාලය කැප කළ අතර, පසුගිය වසර ගණනාවක්ම කොළොන්නාව නගර සභාවේ මන්ත්‍රීවරියක ලෙස ද විශාල සේවාවක් ජනතාව වෙනුවෙන් ඉටු කර තිබේ.

මෙලෙස තම ජීවිත කාලයම අනුන් වෙනුවෙන් සේවය කළ ගංගා මහත්මිය, එම පිනෙන්ම මේ වන විට සුවය ලබමින් සිටී.

මුල්ලේරියාව - සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT