Home » මෙක්සිකෝ මුහුදු වෙරළෙන් හමු වූ චීන ජාතිකයන්ගේ සිරුරු

මෙක්සිකෝ මුහුදු වෙරළෙන් හමු වූ චීන ජාතිකයන්ගේ සිරුරු

by chanaka
April 1, 2024 4:40 pm 0 comment

මියගිය චීන ජාතිකයන් 8 දෙනෙකුගේ සිරුරු මෙක්සිකෝ මුහුදු වෙරළේ තිබී සොයා ගෙන ඇත.

මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්ත මුහුදු වෙරළේ තිබියදී මෙම චීන ජාතිකයින් 8 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් ගමන් ගත් බෝට්ටුව අනතුරට ලක්වීමෙන් එම පුද්ගලයින් මිය ගොස් ඇතැයි සදහන් වේ.

මෙක්සිකෝ ජාතිකයෙකු පැදවූ මෙම බෝට්ටුව ගෝතමාලා දේශ සීමාවේ චියාපාස් සිට පිටත්ව තිබුණි. එහි කාන්තාවන් හත්දෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ගමන් කර තිබේ.

කෙසේ වෙතත් එක් පුද්ගලයෙක් දිවි බේරාගෙන ඇත. එහෙත් බෝට්ටුව පැදවූ රියැදුරු පිලිබඳ මෙතෙක් තොරතුරු හෙළිව නොමැත.

අනතුරට හේතුව සොයා බලන බවත් විපතට පත් වූවන් හඳුනා ගැනීම සඳහා මෙක්සිකෝවේ චීන තානාපති කාර්යාලය සමඟ කටයුතු කරන බවත් මෙක්සිකානු බලධාරීන් සදහන් කරයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෑත වසරවල වැඩි වෙමින් පවතින බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT