Monday, May 12, 2025
Home » හොරො­ව්පොතාන OIC ඇතුළු පොලි­සියේ 5ක් තිදෙ­න­කු­ගෙන් සමාව ගනියි
පාස්කු දින ප්‍රහා­ර­යට අත්අ­ඩං­ගු­වට ගෙන හිරි­හැර කළාට

හොරො­ව්පොතාන OIC ඇතුළු පොලි­සියේ 5ක් තිදෙ­න­කු­ගෙන් සමාව ගනියි

by Gayan Abeykoon
April 2, 2024 1:00 am 0 comment

පාස්කු දින ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ බවට ලැබුණු පැමි­ණිලි මත අත්අ­ඩං­ගු­වට ගෙන රඳවා තබා ගැනීම සහ හිරි­හැ­ර­යට පත් කිරීම වෙනු­වෙන් හොරො­ව්පො­තාන ප්‍රදේ­ශයේ පුද්ග­ල­යන් තිදෙ­නෙ­කු­ගෙන් හොරො­ව්පො­තාන පොලි­ස්ථා­නා­ධි­ප­ති­ව­රයා ඇතුළු පොලිස් නිල­ධා­රීන් පස්දෙ­නකු සිංහල ක්‍රම­යට ඔවුන්ට ආචාර කර විවෘත අධි­ක­ර­ණයේ දී ඊයේ (01) සමාව ලබා ගත්හ.

මෙකී සිද්ධිය සම්බ­න්ධ­යෙන් එම පුද්ග­ල­ය­න්ගෙන්ද නැවත ප්‍රශ්න කිරී­මට කට­යුතු නොක­රන බවට නීති­ප­ති­ව­රයා අධි­ක­ර­ණය හමුවේ එක­ඟ­තා­වය පළ කළේය.

තමන් නීති විරෝධී ලෙස අත්අ­ඩං­ගු­වට ගෙන මාස හය­කට වැඩි කාල­යක් රඳවා තබා ගැනීම මඟින් සහ මාන­සික සහ ශාරී­රික හිරි­හැ­ර­යට පත් කිරීම මඟින් මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කර ඇති බවට වෙන් වෙන් වශ­යෙන් ගොනු­කර තිබූ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් කැඳවූ අව­ස්ථාවේ දී මෙම එක­ඟ­තා­වය පළ කරන ලදි.

එස් තුරේයි රාජා, කුමු­දුනී වික්‍ර­ම­සිංහ සහ අචල වෙංග­ප්පුලි යන ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳ­වන ලදි.

එහි දී අධි­ක­ර­ණය හමුවේ මෙම පෙත්ස­ම්ක­රු­වන් වන සෙනූල් ආබ්දීන් ඉර්ෆාන්, සෙනු­ල්ආ­බ්දීන් කලී­ෆා­තුල්ලා සහ නූර්ගේ සක­රියා යන අය පෞද්ග­ලි­ක­වම පෙනී සිටි­යහ.

පෙත්සම් මඟින් වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස නම්කර සිටි එව­කට හොරො­ව්පො­තාන පොලිස් ස්ථානා­ධි­පති රොෂාන් සංජීව, එම පොලි­සියේ පොලිස් සැර­යන් ප්‍රේම­රත්න, සැර­යන් සිසිර, පොලිස් කොස්තා­පල් ජය­ති­ලක සහ කැබි­ති­ගො­ල්ලෑව පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා එහි දී විවෘත අධි­ක­ර­ණයේ දී වෙන් වෙන්ව පෙත්ස­ම්කාර පුද්ග­ල­යන්ට ආචාර කර සමාව ලබා ගත්හ.

එහි දී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් මාධව තෙන්න­කෝන් මහතා සඳ­හන් කර සිටියේ මෙම පෙත්ස­ම්ක­රු­වන්ට එරෙ­හිව ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීම පනත යටතේ හොරො­ව්පො­තාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු පවරා තිබූ බවය.

එම නඩු­ව­ලින් 2022 වසරේ දී ඔවුන් සම්පූ­ර්ණ­යෙන්ම නිදොස් කොට නිද­හස් කළ බව බව ද ඒ මහතා සඳ­හන් කළේය.

මෙහි දී පෙත්ස­ම්ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රිය සඳ­හන් කර සිටියේ මෙම අධි­ක­ර­ණය මඟින් නිද­හස් කර හැරි­යද අවට පිරිස් සහ ආර­ක්ෂක අංශ විසින් මොවුන් තව­මත් සැක­ක­රු­වන් ලෙස සල­ක­මින් කට­යුතු කරන බවය.

ඔවුන් සමඟ අම­නා­ප­යෙන් පසු­වන ඇතැම් පුද්ග­ල­යන් විසින් විවිධ අසත්‍ය පැමි­ණිලි ඔවුන්ට එරෙ­හිව සිදු­ක­රන බව ද ඇය සඳ­හන් කළාය. එසේම තව­දු­ර­ටත් ත්‍රස්ත­වා­දීන් ලෙස සැල­කීම නිසා මෙම පුද්ග­ල­යන්ගේ දරු­ව­න්ටද පවු­ල්වල සාමා­ජි­ක­ය­න්ටද විශාල ලෙස හිරි­හැ­ර­යන්ට සහ අප­වා­ද­යන්ට මුහු­ණ­පෑ­මට සිදුවී ඇති බවට ඇය සඳ­හන් කළාය.

එහි දී නියෝජ්‍ය සොලි­ස්ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේ මෙකී කරුණු සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් පෙත්ස­ම්ක­රු­ව­න්ගෙන් ප්‍රශ්න කිරී­මට කට­යුතු නොක­රන බවය.  අන­තු­රුව කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල පෙත්සම් විභා­ගය අව­සන් කිරී­මට තීර­ණය කළේය.

මෙම අත්අ­ඩං­ගු­වට ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් දෙකක් ගොනු­කර ඇති පෙත්ස­ම්ක­රු­වන් දෙදෙ­නකු ඒ සම්බ­න්ධ­යෙන් සම­ථ­යක් ඇති­කර ගැනී­මට අක­මැත්ත පළ කර ඇති බව නීති­ඥ­ව­රිය සඳ­හන් කළාය.

මොහි­දීන් බාවා නවු­ෆර් සහ ලෙබ්බෙ තම්බි ජෙස්මින් යන පෙත්ස­ම්ක­රු­වන් මෙම පෙත්සම් දිග­ටම පව­ත්වා­ගෙන යාමට අවශ්‍ය බවට උප­දෙස් ලබා දී ඇති බව ඇය සඳ­හන් කළාය.

අදාළ අත්අ­ඩං­ගු­වට ගැනීමේ සිද්ධිය හේතු­වෙන් රාජ්‍ය සේව­ක­යන් වන ඔවුන්ගේ උසස් වීම් සහ වැටුප් වර්ධක සම්බ­න්ධ­යෙන් ගැට­ලු­කාරී තත්ත්ව­යක් ඇතිවී ඇති බැවින් පෙත්සම් දිග­ටම පව­ත්වා­ගෙන යාමට ඔවුන් අද­හස් කරන බව ද නීති­ඥ­ව­රිය සඳ­හන් කළාය.

ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම නොවැ­ම්බර් මස 19 වැනිදා සිදු කිරී­මට විනි­සුරු මඬුල්ල තීර­ණය කළේය.

හොරො­ව්පො­තාන පොලි­සියේ හිටපු පොලිස් ස්ථානා­ධි­පති රොෂාන් සංජීව එම පොලි­සියේ නිල­ධා­රීන් සහ කැබි­ති­ගො­ල්ලෑව පොලි­ස්ථා­නා­ධි­ප­ති­ව­රයා, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු ස්ථානා­ධි­ප­ති­ව­රයා, පොලි­ස්ප­ති­ව­රයා, නීති­ප­ති­ව­රයා. ඇතුළු පිරි­සක් මෙම පෙත්ස­ම්වල වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස නම් කර සිටි­යහ.

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් පසුව ලැබුණු පැමි­ණිලි කිහි­ප­යක් මත මෙම පෙත්ස­ම්ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සිය විසින් කට­යුතු කර තිබුණි.

ඔවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට රුපි­යල් කෝටි 100කට ආසන්න මුද­ලක් ලැබුණු බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT