Home » ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ඉවතට

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ඉවතට

by yasara
April 2, 2024 4:02 pm 0 comment

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙයි

දැනට නියම කර තිබෙන වසර හතරක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥානසාර හිමියන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාම විසින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තීන්දුව ලබා දී තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT