Home » පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීමක්

පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීමක්

by chanaka
April 4, 2024 4:54 pm 0 comment

එච්. නන්දසේන මහතාගේ අභාවය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වා ඇත.

අනුරාධපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එච්. නන්දසේන මහතාගේ මිය යාම හේතුකොට ගෙන 2024 අප්‍රේල් 04 වැනි දින සිට නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකරන බවද එම ලිපිය මගින් වැඩබලන මහ ලේකම්වරයා දන්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT