Monday, May 20, 2024
Home » පොළොන්නරු සංවර්ධනයට රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ඉහළින්

පොළොන්නරු සංවර්ධනයට රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ඉහළින්

by chanaka
April 6, 2024 6:27 pm 0 comment

පොළොන්නරුව දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රගති සමාලෝචන රැස්වීම අප්‍රේල් 4 වැනිදා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2023 වසරේ අප්‍රේල් මස පැවැත් වූ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහතුනක් පමණක් සහභාගී වී තිබිණි, එම සාකච්ඡාවෙන් අනතුරුව පොළොන්නරු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය වැඩි කිරීම සඳහා කටයුතු කලයුතු ආකරය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ කාර්යාලයේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකාරක සෙනෙවරත්න මහතා හට අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව සෙනවිරත්න මහතා පසුගිය වසර තුළ දැඩි කැපවීමෙන් ක්‍රියාකරමින්, පොළොන්නරුවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව විසි හත දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබේ. එය සියයට සියයක වර්ධනයකි. එලෙසම සංවර්ධන කටයුතුවලට රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ද ඉහළ දමා ගැනීමට සමත්ව තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකාරක සෙනෙවරත්න මහතාගේ අදහසකට අනුව මෙවර ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් තරුණ නායකයින්ට සහභාගි වීමට අවස්ථාව ලබාදී තිබුණු අතර, ඔවුන් විසින් ප්‍රගති සමාලෝචන රැස්වීම අවසානයේදී අදහස් දක්වමින් තවදුරටත් යැපෙන්නන් බිහි කරන ව්‍යාපෘති වෙනුවට, ස්වඋත්සාහයෙන් නැගී සිටිය හැකියි ව්‍යවසායකයෙන් බිහිකිරීමට මූලිකත්වය දෙන ලෙස රාජ්‍ය නොවන සංවිධාන වලින් ඉල්ලා සිටියේය.

වැලිකන්ද ප්‍රදේශය නියෝජනය කරමින් සහභාගි වූ තරුණයෙක් විසින් ඉල්ලා සිටියේ, වල් අලි තර්ජන බහුල වැලිකන්ද ප්‍රදේශය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය සහයෝගය දෙන ලෙසත්, තරුණ තරුණියන්ට සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පුහුණුව ලබාදීමට අවශ්‍ය වැඩසටහන් සම්පාදනය කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එපමණක් නොව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් රාජ්‍ය නොවන සංවිධාන සංසද ආරම්භ කිරීමටද අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති අතර වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් විශාල වැඩ කොටසක් මේ වනවිටත් සිදුකර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිරීක්ෂණය වූයේ අප්‍රේල් 4 වන දින උදෑසන වැලිකන්ද බස් නැවතුම්පොළේදී රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිත්වය මත, බිහි කරන ලද ව්‍යවසායකයන්ගේ වෙළඳ ප්‍රදර්ශනයට සහභාගි වූ අවස්ථාවේදීය.

එම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා සහභාගීමට ව්‍යවසායකයින් 400ක් පමණ ඉල්ලුම් කර තිබුණද ඉඩකඩ මදිකම නිසා අවස්ථාව සලසා දී තිබුණේ ව්‍යවසායකයින් සියයකට පමණි.

එදිනෙදා පාරිභෝජනයට ගන්නා ද්‍රව්‍යවල සිට කාර්මික නිෂ්පාදන දක්වා විශාල පරාසයක නිෂ්පාදන මෙම වෙළඳ ප්‍රදර්ශනයට සහ වෙළඳපොළට තබා තිබෙනු දක්නට ලැබිණි.

ප්‍රගති සමාලෝචන රැස්වීම අවසානයේදී, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්වරයා විසින් මතින් ලබාගත් ප්‍රතිඵල මහත් ඇගයීමකට ලක් කළේය.

මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් දෙපළ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෙන් විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT