507
2024 වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම අද (09 )සිට මැයි දහවෙනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.
ඒ අනුව මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනයට තම නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වූ පිරිස් හට අද සිට මැයි දහවෙනිදා දක්වා ඊට අවස්ථාව සැලසේ.
නම ඇතුලත් කර ගැනීම ග්රාම නිලධාරී කාර්යාලය ට හෝ මැතිවරණ කාර්යාලයට හෝ ගොස් කළ හැකි වේ.එසේ නැතිනම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස නම ඇතුළත් කරගත හැකි බව ඒ මහතා කීය.