Home » වැඩිම මෙහෙයුම් කළ පොලිස් ස්ථානවලට මුදල් තෑගි

වැඩිම මෙහෙයුම් කළ පොලිස් ස්ථානවලට මුදල් තෑගි

by chanaka
April 9, 2024 4:00 pm 0 comment

කැබිතිගොල්ලෑව පොලිස් කොට්ඨාශයේ පසුගිය කාලසීමාවේ යුක්තිය මෙහෙයුමට සමගාමීව හා අනෙකුත් රජකාරී කටයුතුවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පොලිස් ස්ථාන දහතුනක සේවය කරන පොලිස් ස්ථානාධිපතිවරුන් හා සෙසු නිලධාරීන්ට මුදල් ත්‍යාග හා සමරු තිලිණ පිළිගැන්වීම අද(09) සිදු විය.

ඒ උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී කැබිතිගොල්ලෑව හා මැදවච්චිය යන පොලිසි ස්ථාන සෙසු පොලිස් ස්ථාන දහතුනම අභිබවමින් ලක්ෂ දහයට අධික මුදල් ත්‍යාග ලබා ගැනීමට එම පොලිස් ස්ථානාධිපතිවරුන් හා නිලධාරීන් සමත්විය.

කැබිතිගොල්ලෑව පොලිස් කොට්ඨාසයේ පොලිසි ස්ථාන 13 හි ස්ථානාධිපතිවරුන් හා සිසු නිලධාරීන් දෙසීයක්200 සඳහා රුපියල් ලක්ශ 7959395ක මුදලක් ත්‍යාග මුදල් වශයෙන් බෙදාදීම මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට උතුරුමැද දිසාවබාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, කැබිතිගොල්ලෑව පොලිස් කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්.කේ වික්‍රමනායක,සහකාර පොලිස් අධිකාරී රුවන් නාරාවිට, සහකාර පොලිස් අධිකාරී එස්.පි එදිරිසිංහ හා කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මහතා ඇතුලු පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT