264
බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේ අලුත් අවුරුදු පොළ විවෘත කිරීම අද (09) සිදු කෙරුණි.
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට අවශ්‍ය සියලු දෑ මෙහිදී පාරිභෝගිකයන්ට ලබා ගැනීමට අවස්ථාව උදා වේ.
රෙදි කඩේ, පාන් කඩේ, කිරි පැණි කඩේ, කැවිලි කඩේ, කැවුම් කඩේ, වළං කඩේ, දොදොල් කඩේ ඇතුළු කුටි රැසකින් මෙම පොළ සමන්විත වේ.
මෙම අවස්ථාවට වෝටර්ස්එජ් ආයතනයේ සභාපති මලිත් පෙරේරා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු ආයතනයේ පිරිසක් සහභාගී විය.