Home » අධිවේගයේ හොර පාරෙන් යන්න ගිය දැව තොගයක් කොටුවෙයි

අධිවේගයේ හොර පාරෙන් යන්න ගිය දැව තොගයක් කොටුවෙයි

by yasara
April 9, 2024 2:53 pm 0 comment

දහයියා කුඩු ප්‍රවාහනය කරන මුවාවෙන්  තේක්ක සහ බුරුත කඳන් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු දක්ෂිණ අධිවේගී මාර්ග ගැලනිගම පිටවීමේ පිවිසුමේදී අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි

එම ලොරිය තුළ තිබී රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා තේක්ක කඳන් 26 ක් බුරුත කඳන් 10 ක් මෙන්ම ඒවා පිටතට නොපෙනීම සඳහා දහයියා පුරවන ලද උර 24ක්  දොර අසලම එකිනෙක මත ගොඩ ගසා තිබූ බව පොලිසිය කියයි

දක්ෂිණ අධිවේගී රථවාහන කොට්ඨාශයේ ගැලනිගම පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන් 14612 සම්පත් නිලධාරියා  රාජකාරියේ යෙදී සිටියදී මාතර දෙස සිට පැමිණි ආවරණය කරන ලද ලොරිය නවතා පරික්ෂා කිරීමේදී

තේක්ක සහ බුරුත කඳන් ලොරියකට පටවා ඒවා පිටතට නොපෙනෙන ලෙස පිටුපස දොර අසලම දහයියා පුරවන ලද උර එකිනෙක තබා ආවරණය කර වූ බව පොලිසිය කියයි

අගුණු කොළ පැලැස්ස අධිවේගී පිවිසුමෙන් ඇතුළු වී තිබූ මෙම ලොරිය එම පිවිසුමේ නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් නොවී ඇති අතර කිලෝමීටර් 160 ක පමණ දුරක් පැමිණීමෙන් අනතුරුව පිටවීම සඳහා ගැලණිගම පිවිසුමට පැමිණීමේ දී පොලිස් නිලධාරියාට ඇති වූ සැකයක් හේතුවෙන්  ලොරි රථය නවතා පරික්ෂා කිරීමේදී  මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී  මිද්දෙණියේ සිට මොරටු මුල්ලට මේවා ප්‍රවාහනය කරන බවට අනාවරණය කළ බව පොලිසිය කියයි

සැකකරු සමඟ සමග දැව කඳන් පටවා තිබූ ලොරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා බණ්ඩාරගම පොලිසිය වෙත භාරදී ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT