Home » රාත්‍රීයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත් වූ අපූරු පාසල

රාත්‍රීයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත් වූ අපූරු පාසල

by yasara
April 10, 2024 1:13 pm 0 comment

මෙම දිනවල දිවා කාළයේදී පවතින දැඩි අව් රශ්මිය නිසාවෙන් නිවාසාන්තර තරඟ නොපවත්වන ලෙස අධ්‍යාපන බළධාරීන් නියෝග කර ඇති බැවින් ඒ පිළිබදව නිර්මාණශීලීව සිතා දරුවන්ගේ දක්ශතා ගිලිහෙන්නට නොදී රාත්‍රි කාලයේ දී  සංවිධානය කල ඉතා මනරම් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පිළිබදව කොළඹ දිස්ත්‍රික්කයේ කෙලවරටම වන්නට අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි ඉලුක්ඕවිට කණිෂ්ක විද්‍යාලයෙන් වාර්තා වෙයි.

මෙම අභියෝගය බාරගත්තේ වත්මන් විදුහල්පති වසන්ත උදයසිරි මහතා තම සහෝදර ආචාර්ය මණ්ඩලය හා සාකච්ඡා කර ඔවුන්ගේ දායකත්වය මත රාත්‍රි කාළයේදී විදුලිය ලබා ගැනීමට අවශ්‍ය රුපියල් අසූ දහසක මුදල සොයා ගැනීමට කටයුතු කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කරතම ප්‍රදේශයන් වන ඉලුක්ඕවිට, දිගන, දුන්කලහේන,කොස්වත්ත,ඇල්ල උඩ, ගැටේමාවර,පඥ්ඥාගුල,කඩුගොඩ කන්ද, කලටුවාව තුම්මෝදර, ලබුගම වත්ත, වගවත්ත,පඥ්ඥාගුල වත්ත වතු ආශ්‍රිත ජීවත්වන දරුවන් 596 දෙනෙකු මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබයි

මෙම ක්‍රීඩා උළෙල අලංකාර මල්වෙඩි සංදර්ශනයකින්ද වර්ණවත් වී තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT