180
ආරක්ෂිත හිස්වැසුමක් නොමැතිව යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදි අනතුරකින් මියගිය මිතුරෙකු සිහිපත් කරමින් රුසියානු ජාතිකයෙකු පෙරේදා (8) ගාල්ල, උණවටුණේදී යතුරුපැදිවල ගමන්ගත් කුඩා දරුවන් 150 දෙනෙකුට නොමිලේ ආරක්ෂිත හිස්වැසුම් බෙදා දුන්නේය.
මෙම ප්‍රජා සත්කාරය කරන ලද්දේ රුසියානු ජාතික ග්‍රේෂා මොරොස්වා ඇන්ඩෘ මහතා විසිනි. මොරොස්සවා මහතාගේ මිතුරකු වන ඩබ්ලිව්.ඒ. රංජිත් මහතා ඇතුළු මිතුරන් පිරිසක් මෙම සත්කාරයට සහාය විය. ග්‍රේෂා මහතාගේ මිතුරා ආරක්ෂිත හිස්වැසුමක් නොමැතිව යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විට අහංගම මිදිගම දී මීට වසර දහයකට පෙර මිය ගොස් තිබුණි.
දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ