Sunday, May 11, 2025
Home » කොළඹ ලුම්බිණි-බම්බලපිටිය සාන්ත පීතර අද-හෙට අවසන් ගැටුමේ
19න් පහළ පළමු කොටස ටියර් ‘බී’

කොළඹ ලුම්බිණි-බම්බලපිටිය සාන්ත පීතර අද-හෙට අවසන් ගැටුමේ

by sachintha
April 10, 2024 1:15 am 0 comment

සාන්ත පීතර විදුහල් සංචිතය: ඉදිරි පෙළ (වමේ සිට) – ප්‍රගීත් නිශාන්ත (සහාය පුහුණුකරු සහ අභ්‍යාසක), තුෂාර මධුසංක (සහාය පුහුණුකරු), මොහාන් ලියනගේ (ප්‍රධාන පුහුණුකරු), නිර්මලත් ප්‍රියදර්ශන (ක්‍රිකට් භාර ආචාර්ය), විශේන් හැලඹගේ (නායක), රෝහිත රොද්‍රිගෝ පියතුමා (විදුහල්පති), මිලාන් බර්නාඩ් පියතුමා (ක්‍රීඩා සම්බන්ධීකාරක), රුසඳ ගමගේ (උප නායක), ෂැනොන් රොද්‍රිගෝ, රොහාන් ප්‍රනාන්දු (දෙවැනි පෙළ ක්‍රිකට් භාර ආචාර්ය), තාරක වඩුගේ (දෙවැනි පෙළ ක්‍රිකට් පුහුණුකරු), මැද පෙළ – ජනිත් කෞශාන්, ලෂ්මික පෙරේරා, හිරුක සිල්වා, සචින් පෙරේරා, චමිඳු පෙරේරා, ඉෂිර ආයුපාල, සවි ප්‍රනාන්දු, ඔවීන් සල්ගාදු, විරුල් අමරපාල, නේතන් ඩේවිඩ්, රිතිල් සුරවීර, පසු පෙළ – දිලන දම්සර, අසදිස තේජන, ලෂේන් පුෂ්පකුමාර, සදිෂ කාරියවසම්, අනුප ගරුමාන්න, ජොශුවා සෙබස්තියන්.

ලුම්බිණි විදුහල් සංචිතය: ඉදිරි පෙළ (වමේ සිට) – අබ්දුල් රසූල් (ආදි ක්‍රිකට් සංගමය – ලේකම්), ලලංග රාජපක්ෂ (සහාය පුහුණුකරු), පණ්ඩුක ද සිල්වා (කණ්ඩායම් භාර ආචාර්ය), විරාජිනි ගුණතිලක (සහකාර විදුහල්පතිනි), ධම්මික රණතුංග (නියෝජ්‍ය විදුහල්පති), නබීල් රාජුඩීන් (උප නායක), සරත් ගුණතිලක (විදුහල්පති), සහන් කෞශල්‍ය (නායක), ප්‍රියන්ත කරුණාරත්න (නියෝජ්‍ය විදුහල්පති), ඩී.එම්. රාජරත්න (ක්‍රීඩා පරිපාලක), දිනේෂ් වීරසිංහ (ප්‍රධාන පුහුණුකරු), මාලිංග පෙරේරා (ආදි ක්‍රිකට් සංගමය – උප සභාපති), ඉන්දික පීරිස් (ආදි ක්‍රිකට් සංගමය – භාණ්ඩාගාරික), පසු පෙළ – බිනුජ ප්‍රමෝද්‍ය, ගිහාන් ලක්ෂිත, යශෝද් කවිඳු, උෂාන් සත්සර, ප්‍රවීන් මනීෂ, බිම්සර වීරසිංහ, රවිඳු කේෂාන්, දිනිත ද සිල්වා, දිනාල් සෙව්මිණ, හිරුන් ආකාෂ්, දුමිඳු සෙව්මිණ, පසිඳු මහීෂ, ඉෂාත් ඩිල්ෂාන්, අශාන් ශනිල්ක, යුරාන් සංදික, ගිම්හාන සිතිජය, හවිඳු කල්හාන්, නිශාල් මධූෂ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (10) සහ හෙට (11) කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ලුම්බිණි සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල් තරග බිමට පිවිසෙයි. මේ තරගාවලියට කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 18ක් තරග වැදුණු අතර, ලුම්බිණි සහ සාන්ත පීතර කණ්ඩායම් දෙකම මූලික වටයේදී ‘එක්ස්’ කාණ්ඩයෙන් තරග කරමින් අර්ධ අවසන් වටයට එක් විය. පළමු වටයේදී ‘එක්ස්’ කාණ්ඩයේ ශූරයන් වූ ලුම්බිණි පිල අර්ධ අවසන් පූර්ව වටයේදී මොරටු විදුහලත්, අවසන් පූර්ව වටයේදී කොළඹ තර්ස්ටන් විදුහලත් පරදවා අවසන් තරගයට එක් විය.

පළමු වටයේදී ‘එක්ස්’ කාණ්ඩයේ අනුශූරයන් සාන්ත පීතර පිල අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ධර්මරාජයත්, අවසන් පූර්ව වටයේදී කොළඹ ඉසිපතනයත් පරදවමින් මේ තරගයට එක් විය. පළමු වටයේදී මේ කණ්ඩායම් දෙක එකිනෙකා හමුවූ අවස්ථාවේදී පළමු ඉනිමේ ජයක් ලැබීමට සාන්ත පීතර විදුහල සමත් විය. සහන් කෞශල්‍ය ලුම්බිණි විදුහල් පිල මෙහෙයවන අතර, ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක විශේන් හැළඹගේ සාන්ත පීතර විදුහල් පිල මෙහෙයවයි.

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT