Home » දකුණු කොරියාවේ සිදු වූ බල පෙරළිය

දකුණු කොරියාවේ සිදු වූ බල පෙරළිය

by chanaka
April 11, 2024 1:08 pm 0 comment

දකුණු කොරියාවේ විපක්‍ෂයට එරට පාර්ලිමේන්තුවේ බලය ලබාදෙමින් එරට මහ මැතිවරණයෙන් විශිෂ්ට බහුතරයක් ඔවුන් දිනාගෙන තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂය (ඩීපීකේ) සහ කුඩා විරුද්ධ පක්ෂ එක්ව ජාතික සභාවේ ආසන 300කින් 192ක් දිනා ගත්හ.

මෙම මැතිවරණය පැවැත්වුණේ වත්මන් ජනාධිපති යූන් සුක් යොල් හට වසර තුනක් බලයේ රැඳී සිටීමට අවස්ථාව පවතිද්දී වීම විශේෂත්වයකි.

මෙම මැතිවරණ පරාජය සමග ඔහුගේ පක්ෂ නායක Han Dong-hoon ඉල්ලා අස්වී ඇති අතර අගමැති Han Duck-so ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තාවේ.

ආහාර මිල ඉහළ යාම, සීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනය සහ දැනට ක්‍රියාත්මක වෛද්‍ය වැඩවර්ජනය ඇතුළු ගැටලු ගණනාවක් විසඳීමට නොහැකිවීම නිසා පැවති රජය විවේචනයට ලක්විය.

මතභේදයකට තුඩු දී ඇති ජනපති යූන් මහතාගේ බිරිඳ කිම් කියෝන් හී ගේ සුඛෝපභෝගී ජීවිතය හා ඔහුගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට එල්ලවූ දූෂණ සහ බලය අවභාවිත කිරීමේ චෝදනා මැතිවරණ සමය උණුසුම් කර තිබේ.

“මෙය ඩිමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණයක් නොව ජනතාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්” යැයි ඩීපීකේ නායක ලී ජේ-මියුන් බ්‍රහස්පතින්දා පැවසීය.

“පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා දෙපස සිටින දේශපාලනඥයන් අපගේ ශක්තිය එක්රැස් කළ යුතුය. ජීවනෝපාය අර්බුදය විසඳීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නායකත්වය දෙනු ඇත,” ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT