Home » අන්තවාදී දේශප්‍රේමීන් මේ රටේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන වරම් අහිමි කර තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අන්තවාදී දේශප්‍රේමීන් මේ රටේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන වරම් අහිමි කර තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
April 11, 2024 1:50 am 0 comment

දේශප්‍රේමී කතා කියන, අන්ත සමාජවාදී, කොමියුනිස්වාදී නායකයන්ගේ පුහු වදන්වලට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 150 වැනි අදියර යටතේ පුත්තලම ආණමඩුව කරුවලගස්වැව සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමිනි.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

මේ පුහු අන්තවාදීන්ගේ දරුවන් පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාලවල මෙන්ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාවල පවා අධ්‍යාපනය ලබන විට ඔවුන් රටේ දරුවන්ට ජාත්‍යන්තර අධ්‍යාපන වරම් අහිමි කරනවා.

යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමවේදය වෙනුවට නවීන නූතන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි. ජාත්‍යන්තරයේ රටක් ලෙස තරග කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ලෝකයක් සමඟ කරන ගනුදෙනු අප රටට අගයක් එකතු වීම මෙන්ම අගයක් වැඩි වන ආකාරයට කටයුතු කළ යුතුයි. ඒ සඳහා උගත් බුද්ධිමත් දක්ෂ ප්‍රබුද්ධ දරු පරපුරක්, තරුණ හා පුරවැසි පරපුරක් නිර්මාණය කළ යුතුයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT