Home » අවුරුදු සමයේ ලංගම ආදායම ඉහළට

අවුරුදු සමයේ ලංගම ආදායම ඉහළට

by chanaka
April 12, 2024 6:37 pm 0 comment

සිංහල – හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වැනිදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක් කළ බවයි.

ඒ අනුව මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ දිනය තුළ අධිවේගී මාර්ගවල ආදායම සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ අද සිට ලබන 15 වන දින දක්වා අධිවේගී මාර්ගවල ආදායම සැලකිය යුතු මට්ටකින් ඉහළ හා හැකි බවට පුරෝකථනයක් සිදුකළ හැකි බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT