Home » යුක්‍රේනයේ විදුලි බලාගාරයක් මුළුමණින්ම විනාශයි

යුක්‍රේනයේ විදුලි බලාගාරයක් මුළුමණින්ම විනාශයි

by chanaka
April 12, 2024 4:56 pm 0 comment

රුසියානු ප්‍රහාරයකින්, යුක්‍රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන විදුලි බලාගාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ට්‍රිපිලියා නමැති මෙම බලාගාරය මගින්, කියෙව් අගනුවර ඇතුළු කලාප තුනකට විදුලිය සපයනු ලැබේ.

යුක්‍රේනය චෝදනා කරන්නේ, රුසියාව දිගු කලක සිට ක්‍රමානුකූලව යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.

එම ප්‍රහාරය ඊයේ උදෑසන කාලයේ එල්ල වී තිබෙනවා. ඉන් බලාගාරයේ ට්‍රාන්ස්ෆෝමරය, ටර්බයින, විදුලි උත්පාදක යන්ත්‍ර සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ප්‍රදේශයේ ලක්ෂ දෙකකට පමණ විදුලිය ඇණහිට තිබේ. ඊයේ අලුයම යුක්රේනයේ ස්ථාන රැසකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 80 ක් පමණ එල්ල කර ඇති බව වාර්තා වේ.

බොහෝ ප්‍රහාර ඉලක්ක කර ඇත්තේ, බලශක්ති යටිතල පහසුකම්වලටයි. ප්‍රහාර වලින් තුනෙන් එකක් පමණ යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් වළක්වා ඇතැයි සදහන් වේ.

ට්‍රිපිලියා බලාගාරය විනාශ කිරීම ගිම්හාන සෘතුවේ යුක්රේනයට තීරණාත්මක ගැටලුවක් නොවන නමුත්, ශීත කාලය වන විට එය බරපතල ගැටලුවක් විය හැකි බව බලධාරීන් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT