Home » දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

by yasara
April 14, 2024 8:43 pm 0 comment
train

පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අද සහ හෙට දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර තිබේ.

මීට අමතරව අනිද්දා එනම් 16 වැනිදා සිට යළි සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ගමන්ද ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම අතිරේක දුම්රිය කාලසටහන පහතින් දැක්වෙයි

අප්‍රේල් 14 – ප.ව. 3.30 – බෙලිඅත්ත සිට කොටුව
අප්‍රේල් 14 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව

අප්‍රේල් 15 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 15 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 15 – පෙ.ව. 6.00 – ගාල්ල සිට කොටුව
අප්‍රේල් 15 – පෙ.ව. 8.10 – බෙලිඅත්ත සිට කොටුව
අප්‍රේල් 15 – ප.ව. 1.50 – ගාල්ල සිට කොටුව

අප්‍රේල් 16 – පෙ.ව. 6.15 – ගාල්ල සිට කොටුව
අප්‍රේල් 16 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 16 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව

අප්‍රේල් 16 – කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි….

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT