Home » මතීෂ මුම්බායි ඉනිම වනසයි

මතීෂ මුම්බායි ඉනිම වනසයි

by chanaka
April 15, 2024 10:57 am 0 comment

රෝහිත් ෂර්මාගේ නොදැවුණු ශතකය අපතේ යවමින් මතීෂ පතිරණගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ(14) සමත් විය.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින්ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණි.

මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ 29 වන තරඟයේදී තම කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට වැඩිම සහයෝගය ලබාදුන්නේ, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ පන්දු යැවීම බවයි.

අටවැනි ඕවරයේදී කිසිවකු නොදැවී ලකුණු 70ක් ලබා ප්‍රබල ආරම්භයක් ලබා සිටි මුම්බායි පිලේ වේගය අඩාළ කරමින් පතිරණගේ ආකර්ශනීය සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 28 කට මුම්බායි ප්‍රබල කඩුලු 4ක් දවා ගනිමින් සුපර් කිංග්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේය.

හිටපු නායක රෝහිත් ෂර්මාගේ ශතකයක් වාර්තා කර තිබියදීත්, ඉෂාන් කිෂාන් සහ සූර්යකුමාර් යාදව් දවාලීම ඇතුළු පතිරණ ලබාගත් තීරණාත්මක කදුලු මුම්බායි ඉනිම අඩාළ කළේය.

එම සුපිරි පන්දු යැවීම හේතුවෙන් මතීෂ පතිරණට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 186ක් පමණි.

තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ මතීෂ පතිරණ යි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT