917
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
මිය යන විට ඒ මහතා 64 වියේ පසුවිය.
මතුගම ප්‍රදේශයේ පිහිටි ඒ මහතාට අයත් ඉඩමක දී විදුලි සැර වැඳීම හේතුවෙන් ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.
මේ වන විට ඔහුගේ සිරුර කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ තැම්පත් කර තිබේ.