Home » අනතුර සිදුකල දුම්රිය රියැදුරුට ලැබුණු දඬුවම

අනතුර සිදුකල දුම්රිය රියැදුරුට ලැබුණු දඬුවම

by chanaka
April 16, 2024 4:52 pm 0 comment

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධියට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ, අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන බවයි.

ඊයේ (15) පස්වරුවේ හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් මෙලෙස වේදිකාවේ ගැටීම සිදුවූ අතර ඉන් දුම්රිය වේදිකාවට දැඩි හානි සිදු වූ නමුත් මගීන් කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැත.

සිදුවීමෙන් පසු අදාළ ගමන් වාරය වෙනුවෙන් වෙනත් දුම්රියක් ධාවනයට පසුව පියවර ගැනීම සිදුවිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT