Sunday, May 11, 2025
Home » විදේශිකයාට තර්ජනය කළ ආහාර අලෙවිසැල් හිමිකරු අත්අඩංගුවට

විදේශිකයාට තර්ජනය කළ ආහාර අලෙවිසැල් හිමිකරු අත්අඩංගුවට

by chanaka
April 16, 2024 9:43 pm 0 comment

ආහාර ලබා ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ ආහාර අලෙවිසැල් හිමිකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය විය.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ ප්‍රදේශයේ Street Food නාමයෙන් ආහාර වෙළෙදාම් කරනු ලබන වීදියක පිහිටි වෙළෙදසැලක හිමිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක අයෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT