Home » “Worky”-App එකෙන් Job දෙන අලුත්ම සගයා එළිදකියි…

“Worky”-App එකෙන් Job දෙන අලුත්ම සගයා එළිදකියි…

by sachintha
April 17, 2024 12:48 am 0 comment

ශ්‍රී ලංකාවේ නව තාක්ෂණයෙන් රැකියා වෙළෙඳපොළටත්, පාරිභෝගික සේවා අවශ්‍යතාත් එකම ඇප් එකකින් සපුරා ගන්න අවස්ථාවක් 2024 මාර්තු මස 20 වැනිදා

අපේ ශ්‍රී ලංකාවේ රැකියා ක්ෂේත්‍රයට නවීන අත්දැකීමක් එකතු කරමින් මෙන්ම නව ප්‍රබෝධයක් ලබා දෙමින්, විශේෂයෙන්ම එහි දේශීය රැකියා වෙළෙඳපොළ තුළ අර්බුද රැසක් නිර්මාණය වී ඇති මෙවන් කාලසීමාවක එම අභියෝගාත්මක ආර්ථික කාලපරිච්ඡේදය ජය ගැනීමට නව මානයක් පෙන්වමින්, ‘Worky’ නමින් පෙරළිකාර ජංගම වෙබ් (අන්තර්ජාල) වේදිකාවක් 2024 මාර්තු 20 දින දියත් වෙයි. මෙම නව ජංගම

යෙදවුම හරහා සේවා පහසුකම් සොයන්නන්, රැකියා අවස්ථා සොයන්නන්, කුලී පදනම මත සේවා සපයන්නන්, අර්ධ කාලීන සේවා සැපයුම්කරුවන් මෙන්ම සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් දැනුම සම්පාදනය කරන්නන් දක්වා කොයි කාටත් ඉතාමත් පහසුවෙන් විශ්වසනීයව අවශ්‍යතා සපුරා ගත හැකි ලෙසින් නිර්මාණය වූ මෙම ‘Worky’ ජංගම යෙදවුම හරහා ඔබ ආසන්නයෙන්ම ඔබේ අවශ්‍යතාව සපුරාලිය හැකි සේවා සම්පාදකයාව සොයා දෙනු ඇත.

මෙම ‘Worky’ ජංගම යෙදවුමේ ලියාපදිංචි වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, ලැබෙන ප්‍රතිලාභයන් ඉතා විශාලය. ‘Worky’ ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායට රැකියා සොයා ගන්නට ඇති වර්තමාන ඉඩකඩ හා ප්‍රවණතා වෙනස් කරමින් ජාත්‍යන්තර තලයේ විසඳුමක් සමඟින් විප්ලවීය වෙනසක් කිරීමට සූදානමින් සිටී. පුළුල් පරාසයක සේවා හරහා ක්ෂණික විසඳුම් සඳහා ‘Worky’ ජංගම යෙදවුම පහසුකම් සපයයි. ජලනළ කාර්මිකයන් සහ වඩු කාර්මිකයන් වැනි සාම්ප්‍රදායික භූමිකාවන්හි සිට සුරතල් සුනඛයින් ඇවිද්දවීම, සත්ත්ව අලංකරණ කටයුතු කිරීම , සුරතල් සතුන් රැකබලා ගැනීම වැනි නව යුගයේ රැකියා කාර්යයන් දක්වා ‘Worky’ ශ්‍රී ලාංකේය ගෘහයන්හි විවිධ අවශ්‍යතාවලට ඍජුවම ආමන්ත්‍රණය කරමින් විවිධ රැකියා අවස්ථා රැසක් සපයයි.

සිය වෘත්තිමය හැකියාවන් හරහා තම ආදායම් මාර්ගය ශක්තිමත් කර ගන්නටත් පළපුරුද්ද , හැකියාව මත සපයන සේවාව ජාත්‍යන්තර තලයේ වෘත්තීයමය භාවයකින් සපයන්නටත් ශ්‍රී ලංකාවේ නානාවිධ රැකියා ක්ෂේත්‍රයන් හි මෙන්ම සේවාවන්හි විශිෂ්ටත්වය උසස් අන්දමින් පාරිභෝගික ජනතාවට සමීප කරවන්නටත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පසුබෑම හමුවේ තම ජීවිතය පවත්වා ගැනීමට වෙර දරන කාටත් ‘Worky’ බලාපොරොත්තුවේ ආලෝකයක් ලබා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT