Home » ශ්‍රීපාද උඩ­ම­ළු­වෙන් පැන්න තරු­ණයා ප්‍රති­කාර ලබා පිටව යයි

ශ්‍රීපාද උඩ­ම­ළු­වෙන් පැන්න තරු­ණයා ප්‍රති­කාර ලබා පිටව යයි

by Gayan Abeykoon
April 30, 2024 1:44 am 0 comment

මත්ද්‍රව්‍ය අර­ගෙ­නත් නෑ

මාන­සික රෝග­ය­කුත් නෑ

ශ්‍රීපා­ද­ස්ථා­නය වන්දනා කිරීම සඳහා පැමිණ රත්න­පුර මාර්ග­යෙන් උඩ­ම­ළුවේ සිට බිමට පැන්න පැන දිවි බේරා­ගත් පුද්ග­ලයා දින 05කට පසු ඊයේ (29) දික්ඔය රෝහ­ලින් පිටව ගොස් ඇත.

සූරි­ය­වැව පදිං­චි­ක­රු­වකු වන එම පුද්ග­ලයා පසු­ගිය 19 වැනිදා ශ්‍රීපා­ද­ස්ථා­නයේ උඩ­ම­ළු­වෙන් බිමට පැන්න තිබුණේ අසි­හි­යෙන් බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබුණි. “මාව මරන්න එනවෝ” යැයි කිය­මින් ඔහු උඩ­ම­ළු­වෙන් බිමට පැන ඇති බව විම­ර්ශ­න­ව­ලින් තොර­තුරු හෙළිවී තිබුණි.

මෙසේ උඩ­ම­ළුවේ සිට ඔහු බිමට පැන්න ස්ථානය අඩි 100කට වඩා හෙළක් බවත් එතැ­නින් වැටුණු පුද්ග­ල­යකු ජීව­ත්වන්නේ නම් අත­පය කැඩී මිස බේරෙන්නේ නැති බව ද පොලි­සිය කියයි.

එහෙත් මේ පුද්ග­ල­යාගේ ජීවි­ත­යට කිසිඳු හානි­යක් සිදුව නැතිව පසු­ගිය 24 වැනිදා නල්ල­ත­න්නි­යෙන් හමු­විය. මෙම පුද්ග­ලයා පොලි­සි­යට පවසා තිබුණේ උඩ­ම­ළුවේ සිදුවූ කිසි­වක් තමාට මත­කයේ නැති බවය. තමාට සිහිය ආවේ මුහු­ණට ජලය විසි­රී­ම­කින් බවත් මුහු­ණට වතුර විසි­කළේ කවු­රු­න්දැයි කියා­වත් තමා නොදන්නා බවත් ඔහු පොලි­සි­යට පවසා ඇත. සිහිය එළැ­ඹෙන විට තමා සිටියේ වනා­න්ත­ර­යක් මැද බවත් වනා­න්ත­ර­යෙන් පිට­තට ඒමට මගක් සොයා ඇවි­දින විට දිය­ප­හ­රක් හමුවූ බවත් එම දිය­ප­හර ඔස්සේ ගමන් කළ බවත් ඔහු පව­සයි. රැය පහක් ගල්ත­ලා­වන් සහ ගල් ගුහා වැනි ස්ථාන­වල රැඳී සිටි බව ද ඔහු පොලි­සි­යට පවසා ඇත. මේ කාලය තුළ ඔහුගේ කුසට ආහා­ර­යක් ලැබී නැති අතර ජලය පම­ණක් පානය කර­මින් දිවි රැක­ගත් බව ඔහු පවසා තිබේ.  ජල පහර ඔස්සේ ගම­න්ක­ර­මින් නල්ල­ත­න්නිය පොලිස් වසමේ මරේ­වත්ත නමැති තේ වත්තට ඔහු පැමිණ ඇති බවත් එහි දී වතු තරු­ණ­යින් පිරි­සක් අසා­ධ්‍යව සිටි ඔහු ගැන පොලි­සිය දැනු­ම්වත් කර රෝහ­ල්ගත කිරී­මට පිය­වර ගෙන තිබුණි.  මෙම පුද්ග­ලයා මත්ද්‍රව්‍ය භාවිත කිරී­මක් හේතු­වෙන් උඩ­ම­ළුවේ දී උම­තු­වෙන් හැසිරී තිබේ­දැයි දැන ගැනී­මට වෛද්‍ය­ව­රුන් මඟින් රුධිර පරි­ක්ෂා­වක්ද කර ඇත. එම වාර්තා­වට අනුව ඔහු විෂ මත්ද්‍රව්‍ය භාවි­තා­ක­රන අයකු බව අනා­ව­ර­ණය නොවූ බව ද පොලි­සිය කියයි.

“මේ පුද්ග­ලයා හමු­වන විට සිරුරේ සුළු සීරීම් පහ­ර­වල් තමයි තිබුණේ. ඒ ඔහු කැලේ මැදින් ගම­න්ක­රන කොට කටු­ප­දු­රු­ව­ලට සීරුණු සල­කුණු බවයි අනා­ව­ර­ණය වුණේ. උඩ­ම­ළුවේ සිට බිමට වැටී­මෙන් ඔහුට කිසිඳු හානි­යක් සිදුවී නැහැ. රෝහ­ල්ග­ත­කර සිටියේ ඔහුට නිසි ආහා­ර­යක් නොමැ­තිව ශරී­රය දුර්වල වී තිබුණු නිසයි. අපි­ටත් හිතා­ගන්න බැහැ උඩ­ම­ළුවේ ඉඳන් බිමට පැන­ලත් මේ විදි­හට බේරිච්ච එක ගැන. මනෝ වෛද්‍ය­ව­රුන් ද ඔහුව පරික්ෂා කරල තිබුණා. ඔහුට එවන් රෝගී තත්ත්ව­යක් පවා ඇති බවක් අනා­ව­ර­ණය වුණේ නැහැ.” යැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

ගයාන් කුමාර වීර­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT