Thursday, May 16, 2024
Home » අංගොඩ පහරදීමේ සිද්ධි­යට දෙදෙ­නෙක් 11 තෙක් රිමාන්ඩ්

අංගොඩ පහරදීමේ සිද්ධි­යට දෙදෙ­නෙක් 11 තෙක් රිමාන්ඩ්

by Gayan Abeykoon
April 30, 2024 1:44 am 0 comment

තම බාල­ව­ය­ස්කාර සහෝ­ද­රිය සමඟ ඇති ප්‍රේම සම්බ­න්ධය නවතා දමන ලෙසට පෙම්ව­ති­යගේ සහෝ­ද­රයා සමඟ ඇතිවූ කතා­බහේ දී කණේ පහ­රක් ගැසූ­වාට උර­ණව,  කණ්ඩා­ය­මක් සමඟ පැමිණ එම තරු­ණ­යාට ඇගේ බිරි­යට සහ සහෝ­ද­ර­යාට හෙල්ම­ට්ව­ලින් සහ පොලු­ව­ලින් පහ­රදී බර­ප­තළ තුවාල සිදු­ක­ළැයි කියන සිද්ධි­යට අදාළ දහ­සය හැවි­රිදි පාසල් ශිෂ්‍ය­යකු ඇතුළු දෙදෙ­නකු ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් තරංගා මහ­වත්ත මහ­ත්මිය ඊයේ (29) නියෝග කළාය.

මෙම සිද්ධි­යට අදාළ අනෙක් සැක­ක­රු­වන් 15 දෙනා පෙරේදා (28) දිනයේ දී අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ඊයේ (20) දින තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර සිටි අතර එම සැක­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය එක් අය­කුට රුපි­යල් ලක්ෂ­යක ශරීර ඇප­යක් මත ඔවුන් මුදා හැරී­මට නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරනු ලැබුවේ හිඹු­ටාන පටු­මග හිඹු­ටාන අංගොඩ පදිංචි දොන් අසංක තුෂාර (30) සහ පුබු­දු­ගම උඩු­මුල්ල මුල්ලේ­රි­යාව පදිංචි ලිය­නගේ පසිදු මදු­ෂාන් (17) නමැ­ත්තන්ය.

මෙම සිද්ධි­යෙන් පහ­ර­කෑ­මට ලක්වූ තාරක පෙරේරා නමැති 28 හැවි­රිදි තරු­ණයා සහ ඇගේ බිරි­යත් සහෝ­ද­ර­යාත් මේ වන විට මුල්ලේ­රි­යාව දිසා රෝහලේ ප්‍රති­කාර ලබන බවත් තාරක නමැ­ත්තාගේ මොළ­යට ලේ ගැලීම හේතු­වෙන් දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටින බවත් මුල්ලේ­රි­යාව පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

මුල්ලේ­රි­යාව ප්‍රදේ­ශයේ  පාස­ලක ඉකුත් 26 වැනිදා පැවැති ක්‍රීඩා උත්ස­ව­ය­කට සහ­භාගී වූ එම පාසලේ සිසු­වකු වන සැක­කාර තරු­ණ­යාට එම ස්ථාන­යට පැමිණි පහ­ර­කෑ­මට ලක්වූ තාරක නමැති තරු­ණයා ‘නංගි එක්ක තියෙන සම්බන්දේ නව­ත්ත­පන්.‘ යැයි පව­ස­මින් කණේ පහ­රක් ගසා ඇති බවත්, පසුව එම පහ­රට උරණ වූ සැක­කාර පාසල් ශිෂ්‍යයා පාස­ලෙන් එළි­යට පැමිණ ඔහුගේ මිත්‍ර­යන් පිරි­ස­කට දුර­ක­ත­න­යෙන් අමතා පැමි­ණෙන ලෙසට දැනුම්දී ඇති බවත් මුල්ලේ­රි­යාව පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

ඒ අනුව දාහත් දෙන­කු­ගෙන් යුත් පිරි­සක් යතු­රු­පැ­දි­ව­ලින් පැමිණ අදාළ පාසල ඉදි­රි­පි­ටදී මෙම පහ­ර­දීම සිදු­කර ඇත්තේ හෙල්ම­ට්ව­ලින් සහ පොලු­ව­ලින් බවත් පහ­ර­කෑ­මට ලක්වූ තිදෙනා වැටි වැටී නැගිට සිටි අව­ස්ථා­වේදී ද ඔවුන්ට පහර දී ඇති බවත් මුල්ලේ­රි­යාව පොලි­සියේ අධි­ක­රණ අංශයේ පොලිස් කොස්තා­පල් 11848 ඒ ජී එස් අලු­ත්ගෙ­දර නිල­ධා­රියා අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

සැක­ක­රු­වන් වෙනු­වෙන් නිතීඥ නිමේෂ් මාන­ප්පෙ­රුම සහ නිතීඥ ෆසීර් මොහො­මඩ් අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කර සිටියේ තම සේවා­දා­ය­ක­යන් එම ස්ථානයේ රැඳී සිටීම පම­ණක් සිදු­කළ බැවින් ඔවුන් ඇප මත මුදා හරින ලෙසය.

මෙහි දී මුල්ලේ­රි­යාව පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේ එම සැක­ක­රු­වන් මෙම පහ­ර­දී­මට ආධාර අනු­බල දුන් බවට කරුණු ඉදි­රි­පත් වන බැවින් ඇප ලබා­දී­මට තරයේ විරුද්ධ වන බවය. ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­ක­රු­වන් සඳහා ඉදි­රි­පත් කර තිබූ හඳු­නා­ගැ­නීමේ පෙර­ට්ටුව අව­ලංගු කර­මින් ප්‍රධාන සැක­ක­රු­වන් දෙදෙනා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර අනෙක් සැක­ක­රු­වන්ට ඇප ලබා දුන්නේය.

නිමන්ති රණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT