Home » රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යෑමේ දී කෘෂි­ක­ර්මා­න්තය උප­රිම අයු­රින් දායක කර ගන්න ආණ්ඩුව සැල­සුම් කර තිබෙ­නවා

රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යෑමේ දී කෘෂි­ක­ර්මා­න්තය උප­රිම අයු­රින් දායක කර ගන්න ආණ්ඩුව සැල­සුම් කර තිබෙ­නවා

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ

by Gayan Abeykoon
April 30, 2024 1:35 am 0 comment

රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යෑමේ දී කෘෂි­ක­ර්මා­න්තය උප­රිම අයු­රින් ඊට දායක කර ගැනී­මට ආණ්ඩුව සැල­සුම් කර තිබෙන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ බව සඳ­හන් කර සිටියේ ‘ඩිල්මා සින­මන්’ වෙළෙඳ සන්නා­මය එළි­දැ­ක්වීම වෙනු­වෙන් කොළඹ ගාලු මුව­දොර හෝට­ලයේ පෙරේදා (28) පැවති උත්ස­ව­යට එක්වෙ­මිනි.

‘සිලෝන් ටී’ නාමය ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළ වෙත ගෙන ගිය ඩිල්මා සන්නා­මය සිය සමා­ගම හරහා සිදු කරනු ලබන දේශීය අප­න­යන තව­දු­ර­ටත් පුළුල් කර­මින් ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මා­න්ත­යට ද ප්‍රවිෂ්ට වෙමින් ඉහළ ගුණා­ත්ම­ක­භා­ව­යෙන් යුතු කුරුඳු නිෂ්පා­දන ජාත්‍ය­න්තර වෙළෙඳ පොළට ඩිල්මා සන්නා­මය යටතේ හඳුන්වා දීමට පිය­වර ගෙන තිබේ.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ ලෝක සූප­වේ­දීන්ගේ සංග­මයේ සභා­පති ප්‍රවීණ සූප­වේදී තෝමස් ගුග්ලර් මහතා සංකේ­තා­ත්ම­කව ඩිල්මා කුරුඳු නිෂ්පා­දන එළි දැක්වීම සිදු කරන ලදී.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේද පැව­සීය.

අතී­තයේ මෙරට ප්‍රධාන අප­න­යන භෝග­යක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රච­ලිත කිරීමේ වැඩ­පි­ළි­වෙළ කෘෂි නවී­ක­රණ වැඩ­ස­ට­හන සමඟ ක්‍රියා­වට නංවා තිබෙ­නවා.

ඩිල්මා සමා­ගම ‘සිලෝන් ටී’ නාමය නැවත පණ ගැන්වූ ආකා­ර­ය­ටම ‘සිලෝන් සින­මන්’ නාමය ඉදි­රි­යට ගෙන ඒම පිළි­බඳ මෙහිදී සිය ස්තූතිය කර­නවා. මෙය රටේ ආර්ථි­කයේ නව පරි­ච්ඡේ­ද­යක ඇර­ඹුම වෙනවා.

කුරුඳු වගාව එදා අපේ රටේ ප්‍රධාන භෝග­යක්ව පැව­තුණා. පොලො­න්න­රුව රාජ­ධා­නිය බිඳ­වැ­ටී­මෙන් පසු අපගේ රාජ­ධානි නිරි­ත­දිග තෙත් කලා­ප­යට සංක්‍ර­ම­ණය වන විට රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන ගියේ කුරුඳු කර්මා­න්ත­යයි. අපට කුරුඳු නොති­බුණා නම් දඹ­දෙ­ණිය, යාප­හුව, ගම්පොළ, රයි­ගම හෝ කෝට්ටේ යන රාජ­ධානි කිසි­වක් බිහි­වන්නේ නැහැ. කුරුඳු අපේ රටේ ඉති­හා­සය සමඟ බැඳී තිබෙන්නේ මේ ආකා­ර­ය­ටයි.

එදා යාප­නය පාල­නය කළ පාල­කයා මේ අත­රින් ඉතා වාස­නා­වන්ත වුණා. ඔහු සතුව අලි ඇතුන් සහ මුතු තිබුණා. නමුත් කුරුඳු කර්මා­න්ත­යෙන් කොට­සක් ද තමා සතුව පැව­තිය යුතු බව ඔහු සිතුවා. ඒ අනුව ඔහු පුත්ත­ලම අල්ලා ගෙන එහි සිටි පාල­ක­ය­න්ගෙන් කප්පම් ලබා­ගත්තා. නමුත් එය ප්‍රමා­ණ­වත් නොවන බව සිතූ ඔහු වෙළ­ඳාම පාල­නය කළ යුතු බවට තීර­ණය කළා. ඒ අනුව ඔහු එහි සිට රයි­ගම සහ කෝට්ටේ රාජ­ධානි අල්ලා ගත්තා.

ඔහුට තව­දු­ර­ටත් මේ ආකා­ර­යට කට­යුතු කිරී­මට ඉඩ­දිය නොහැකි බව වෙළෙ­දාම පාල­නය කළ කේරළ වෙළෙ­න්දන් සිතුවා. ඒ නිසා ඔවුන් බල­කො­ටු­වක් ඉදි­කර ආර්ය චක්‍ර­වර්තී පරා­ජය කිරීම සඳහා ඔවුන් අතු­රින් ප්‍රමු­ඛයා වූ අල­කේ­ශ්වර මෙහි එව්වා. ඉතින් මේ අපේ ඉති­හා­සයේ තවත් කොට­සක්.

හය­වන පරා­ක්‍ර­ම­බාහු රජ­තුමා උඩ­රට රාජ­ධා­නිය අත්පත් කර­ග­ත්තේද සමස්ත කුරුඳු කර්මා­න්තය ඔහුගේ පාල­න­යට ගත හැකි නිසා බව ඉති­හා­සයේ සඳ­හන් වෙනවා. ඒ වගේම එම රාජ­ධා­නියේ අසි­රිය සැළ­ලි­හිණි සංදේ­ශයේ සඳ­හන් වෙනවා.

පෘතු­ගී­සීන් සමඟ සටන් කළ සීතා­වක රාජ­සිංහ රජුගේ ක්‍රියා­ක­ලා­පය දෙස බැලු­ව­හොත්, ඔහු පෘතු­ගී­සීන් උඩ­රට බල­කො­ටු­වට සීමා කළා. ඒ වගේම ඔහු කොළඹ කොටුව සහ මීග­මුව බල­කො­ටුව අත්පත් කර ගත්තා. ඔහුගේ රාජ­ධා­නියේ සහ කෝට්ටේ රාජ­ධා­නියේ එකතු කරන ලද කුරුඳු සියල්ල ඔහු යටතේ තබා­ගත්තා. ඉන්පසු ඔහු ඒ කුරුඳු සියල්ල අතු­රින් උසස් තත්ත්වයේ කුරුඳු පම­ණක් ඉතිරි කර ගුණා­ත්ම­ක­භා­ව­යෙන් අඩු කුරුඳු සිය­ල්ලම පුලුස්සා දැම්මා.

මේ ආකා­ර­යට අපේ රාජ­ධානි සමඟ කුරුඳු කර්මා­න්තය බැඳී පැව­තුනා. ඒ වගේම උඩ­රට රාජ­ධා­නිය පව­ත්වා­ගෙන යාම සඳහා මුදල් ලැබුණේ කුරුඳු කර්මාන්ත මඟින්. නමුත් කුරුඳු වෙනු­වට කෝපි සහ තේ පැමි­ණී­මත් සමඟ කුරුඳු මිල පහළ යෑම නිසා සමස්ත තත්ත්ව­යම වෙනස් වුණා.

නමුත් තව­මත් ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ හොඳම කුරුඳු බවට පිළි­ගැ­නී­මක් තිබෙ­නවා. ඩිල්මා සමා­ගම “සිලෝන් ටී” යන නාමය නැවත පණ ගැන්වූ ආකා­ර­ය­ටම “සිලෝන් සින­මන්” නාමය නැවත මතු කර තිබෙ­නවා. ඒ පිළි­බඳ මම ස්තූවන්ත වන අතර මෙය මෙරට ආර්ථි­කයේ නව ගම­නක ආර­ම්භය බව ද මා විශ්වාස කර­නවා.

රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යාමේ දී කෘෂි­ක­ර්මා­න්තය උප­රිම අයු­රින් ඊට දායක කර ගැනී­මට ආණ්ඩුව සැල­සුම් කර තිබෙන බව කිව යුතුයි.

සිංහල රජ සමයේ සිට 1948 දී බ්‍රිතාන්‍ය පාල­න­යෙන් අප නිද­හස ලබ­න­තු­රුම කෘෂි­ක­ර්මා­න්තය අපේ ප්‍රධාන ආර්ථික ක්‍රමය බවට පත්ව තිබුණා. නමුත් පසුව අප කෘෂි­ක­ර්මා­න්තය අම­තක කර දැමුවා. නැවත කෘෂි ආර්ථි­ක­යක් කරා රට ගෙන යාමට කෘෂි නවී­ක­රණ වැඩ­පි­ළි­වෙළ සමඟ අප සැල­සුම් කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය නව නීති ගෙන ඒම­ටද අපේක්ෂා කර­නවා. මෙම වැඩ­පි­ළි­වෙළ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ග­ලික අංශයේ ද සහාය හිමි විය යුතුයි.

ඩිල්මා සමා­ග­මට මගේ ස්තූතිය පිරි­න­මන අතර ඔබට අවශ්‍ය ඕනෑම සහ­යෝ­ග­යක් ලබා දීමට අප කට­යුතු කරන බව ද සඳ­හන් කිරී­මට කැම­තියි. ඩිල්මා සමා­ග­ම­ටත් ඔබ සැම­ටත් මගේ සුභ පැතුම් පිරි­න­ම­නවා.

මහා­චාර්ය මෛත්‍රී වික්‍ර­ම­සිංහ, සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ, ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හා ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නා­යක යන මහත්ම මහ­ත්මීන් සහ විදෙස් මහ­කො­ම­සා­රි­ස්ව­රුන් සහ තානා­ප­ති­ව­රුන්, ඩිල්මා සමූහ ව්‍යාපා­රයේ සභා­පති ඩිල්හාන් ප්‍රනාන්දු ප්‍රමුඛ එම පවුලේ සාමා­ජි­ක­යන් ඇතුළු සම්භා­ව­නීය ආරා­ධිත පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT