Home » සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලය රටේ මතු පර­පුර වෙනු­වෙන් සුවි­සල් ආයෝ­ජ­න­යක් සිදු කළා

සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලය රටේ මතු පර­පුර වෙනු­වෙන් සුවි­සල් ආයෝ­ජ­න­යක් සිදු කළා

අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන

by Gayan Abeykoon
April 30, 2024 1:33 am 0 comment

සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලය රටේ මතු පර­පුර වෙනු­වෙන් සුවි­සල් ආයෝ­ජ­න­යක් සිදු කරන බව අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය. ඒ මහතා මේ බව පැව­සුවේ සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ අලෙවි ජාලය ශක්ති­මත් කිරීමේ අර­මු­ණින් සහ ඉදිරි වසර සාර්ථ­කව ගමන් කිරීම වෙනු­වෙන් ඔවුන්ව දැනු­ම්වත් කිරීමේ අර­මු­ණින් සංව­ර්ධන අභි­මන් ජාතික සමු­ළුව 2024 කොළඹ වෝටර්ස් එජ් හෝටල් පරි­ශ්‍ර­යේදී ඊයේ (29) පැවැති උත්ස­වය අම­ත­මිනි.

තව­දු­ර­ටත් අග­මැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලය රුපි­යල් බිලි­යන 3.6ක ඉති­හා­සයේ වැඩිම ලාභය පසු­ගිය වස­රේදී හිමි කර ගෙන තිබෙ­නවා. 2023 වසරේ ලොත­රැයි ජය­ග්‍රා­හ­ක­යන් වෙනු­වෙන් රුපි­යල් බිලි­යන 13.4කට අධික මුද­ලක් ත්‍යාග වශ­යෙන් ද ලබා දෙමින් ඔවුන් මෙම විජ­ය­ග්‍ර­හ­ණය සම්පූර්ණ කර ගෙන තිබෙ­නවා.

සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ මුදල් පරි­ත්‍යා­ග­යෙන් හා ආයෝ­ජ­න­යෙන් වසර 40කට වැඩි කාල­යක් රට­වැ­සි­යාගේ විවිධ ක්ෂේත්‍ර­ව­ලට ලබා දෙන ලද සහාය හා සහ­යෝ­ගය සිහි­පත් කර­නවා.

සංව­ර්ධන ලොත­රැ­යියේ වටි­නා­කම හා අර්ථය එසේ රට­පුරා ගෙන යන්නට රට­වැ­සියා දායක කර ගන්නට හැකි වුණු සංව­ර්ධන ලොත­රැ­යියේ නියෝ­ජිත මහ­ත්ව­රුන්ට හා මහ­ත්මි­යන්ට අද දවස ගැන ආඩ­ම්බ­ර­යක් ඇති වෙනවා ඇති. ජීවි­ත­යම එළිය කරන සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලය රටේ ජන ජීවිත එළිය කර­මින් හතර වැනි දශ­කය පසු­ක­ර­මින් සිටි­නවා. එදා මෙදා තුර සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලය ආ ගමන් මඟෙහි ඔවුන් සමඟ නිබ­ඳව අත්වැල් බැඳ සිටි බෙදා­හැ­රීමේ අලෙවි නියෝ­ජිත, අලෙවි නියෝ­ජිත, අලෙවි සහා­යක ඇතුළු කාර්ය මණ්ඩ­ලය ඔවුන්ගේ ශක්තිය වී ඇත. ඒ ශක්ති­යෙන් සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලය පසු­ගිය වසර, ඉති­හා­සයේ වාර්තා ගත ජය­ග්‍රා­හීම වසර බවට පත්කර ගෙන තිබෙ­නවා. සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලය මෙහෙ­ය­වනු ලබන ලොත­රැයි ආදා­ය­මින් 50%කට අධික ප්‍රති­ශ­ත­යක් වෙන් කර­නුයේ ත්‍යාග වෙනු­වෙනි. ඒ අතර දිව­යින පුරාම කෝටි­ප­ති­යන්, දස ලක්ෂ­ප­ති­යන්, ලක්ෂ­ප­ති­යන් සිය දහස් ගණ­නක් බිහි කිරී­මට ඔවුන්ට හැකි­යාව ලැබී කිබෙ­නවා.

ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන, රාජ්‍ය ඇමැ­ති­ව­රුන් වන ශෙහාන් සේම­සිංහ, සුරේන් රාඝ­වන්, පර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ගාමිණි ලොකුගේ, මදුර විතා­නගේ, සි.බී. රත්නා­යක, රාජිත සේනා­රත්න, සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­පති අජිත් නාර­ගල මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වුහ.

නුවන් කොඩි­කාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT