Home » කසිප්පු විස වූ දහදෙනාගෙන් හයක් තව­මත් හොරණ රෝහලේ

කසිප්පු විස වූ දහදෙනාගෙන් හයක් තව­මත් හොරණ රෝහලේ

by Gayan Abeykoon
April 30, 2024 1:55 am 0 comment

නීති විරෝ­ධීව පෙරන ලද මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සිද්ධි­යට අදා­ළව පුද්ග­ල­යන් දස දෙනකු රෝහ­ල්ගත කළ බවත් ඉන් හ⁣යදෙ­නකු රෝහ­ල්ග­තව තව­මත් ප්‍රති­කාර ලබන බව හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එසඳ වෙල්ලාල මහතා “දින­මිණ” ට ඊයේ (29) පැව­සීය.

ඉන් එක් අයකු ස්වකැ­මැ­ත්තෙන් රෝහ­ලෙන් පිටව ගොස් වෙනත් ස්ථාන­ය­කින් ප්‍රති­කාර ලබන බවත් හෙතෙම කීවේය.

කළු­තර වර­කා­ගොඩ කර­න්නා­ගොඩ ප්‍රදේ­ශ­යේදී නීති විරෝධී මත් වතුර පානය කිරී­මෙන් මර­ණ­යට පත් වූ පුද්ග­ල­යන් තිදෙ­නාගේ ශරීර කොටස් වැඩි­දුර පරී­ක්ෂාව සඳහා රජයේ රස පරී­ක්ෂ­ක­ව­ර­යාට යොමු කරන බව

ඔවුන් තිදෙ­නා­ගෙන් පුද්ග­ල­යන් දෙදෙ­න­කුගේ මර­ණ­යට හේතුව හෘද­යා­බාධ බවට ප්‍රකාශ කළ ද, එම මර­ණ­ව­ලට නිශ්චිත හේතුව එයම ද යන්න තහ­වුරු කර ගැනීම මෙම­ඟින් අපේක්ෂා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT