Home » කල­ර් ල­යිට් යාච­ක­යන්ට රථයේ සිට සල්ලි දුන්නොත් දඩ

කල­ර් ල­යිට් යාච­ක­යන්ට රථයේ සිට සල්ලි දුන්නොත් දඩ

by Gayan Abeykoon
April 30, 2024 1:27 am 0 comment

කොළඹ නග­රය ඇතු­ළුව රටේ ප්‍රධාන මංස­න්ධි­වල රථ­වා­හන ධාව­න­යට බාධා­වන ලෙස ආලෝක සංඥා ආස­න්නයේ රැඳී සිටි­මින් සිඟ­මනේ යෙදෙන යාච­ක­යන්ට මුදල් ලබා දෙන්නන්ට එරෙ­හිව නීතිය දැඩිව ක්‍රියා­ත්මක කිරී­මට පොලි­සිය තීර­ණය කර තිබේ.

රියැ­දු­රන් විසින් හෝ වාහ­නයේ ගමන් ගන්නන් විසින් යාච­ක­යන්ට මුදල් ලබා දීමට කට­යුතු කළ හොත් ඔවුන්ට දඩ මුද­ලක් නියම කිරී­මට ද පොලි­සිය තීර­ණය කර තිබේ.

මෙම වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මට රාජ­කා­රියේ යෙදී සිටින පොලිස් නිල­ධා­රීන් මෙන්ම සිවිල් ඇඳු­මින් සැර­සුනු පොලිස් කණ්ඩා­යම් යොදවා ආලෝක සංඥා ආස­න්නයේ රැඳී සිටින බවත් යාච­ක­යන්ට මුදල් දෙන වාහන ඔවුන් මාර්ග­යෙන් හඳු­නා­ගෙන නීතිය ක්‍රියා­ත්මක කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති (රථ­වා­හන පරි­පා­ලන සහ මාර්ග ආර­ක්ෂාව) ඉන්දික හපු­ගොඩ මහතා ප්‍රකාශ කළේය.  ඒ මහතා මේ බව සඳ­හන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේන්තු ශ්‍රව­ණා­ගා­රයේ දී ඊයේ (29) පෙර­ව­රුවේ පැවැති මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි.  යාච­ක­යන් ඉවත් කිරී­මට ක්‍රියා­මාර්ග ගන්නා බව ද රියැ­දු­රන් එවැනි යාච­ක­යන් සඳහා මුදල් ලබා­දීම නතර කරන්නේ නම් ඔවුන් රැඳී නොසි­ටින බව ද හෙතෙම කීවේය.

මේ සම්බ­න්ධ­යෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්ව­යෙන්ම වීඩියෝ පට ඔස්සේ රියැ­දු­රන් දැනු­වත් කිරී­මට පිය­වර ගෙන තිබෙන අතර ඒ සම්බ­න්ධ­යෙන් රියැ­දු­රන්ගේ විශේෂ අව­ධා­නය යොමු කරන ලෙසද ඒ මහතා ඉල්ලී­මක් කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඒ මහතා මෙසේද කීවේය.

ශ්‍රී ලංකා මෝටර් රථ සංග­මය, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා පොලි­සිය එක්ව පැවැති ශ්‍රී ලංකා මෝටර් රථ සංග­මයේ කමිටු සභාවේ දී අනු­මත කර­ගත් පරිදි ශ්‍රී ලංකාවේ සංඥා ලාම්පු ආස­න්නයේ රථ­වා­හන තද­බ­ද­යක් ඇති­වන ආකා­ර­යෙන් මංසන්ධි සහ අලෝක සංඥා පුවරු අසල රථ­වා­හන ගම­නා­ග­ම­න­යට අව­හි­ර­තා­වක් ඇති­වන අයු­රින් සිඟ­මනේ යෙදෙන යාච­ක­යන් සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමුව තිබෙ­නවා. ලංකා­වට විදේ­ශි­ක­යන් පැමි­ණීමේ දී ඔවුන්ට රිය පැද­වීමේ බල­ප­ත්‍රය ශ්‍රී ලංකා මෝටර් රථ සංග­ම­යෙන් රියැ­දුරු බල­ප­ත්‍ර­යක් ලබා­ගත යුතු වෙනවා. ලොව රට­වල් 180 ක් සමඟ සම්මු­ති­ය­කට සම්බන්ධ වෙලා, සාමා­ජි­ක­ත්වය ලොව ආය­තන 210 කට පමණ හිමි­කම් තිබෙන මේ මෝටර් රථ සංග­මය වසර 120 ක් පමණ මේ කාර්යය කර­ගෙන යනවා. ලංකා­වට පැමි­ණෙන විදේ­ශි­ක­යන් මාර්ගයේ ගමන් කරන අව­ස්ථා­වල දී විවිධ අප­හ­සුතා ඇති වෙනවා මංසන්ධි ආස­න්න­යේදී. ඔවු­න්ගෙන් මුදල් ඉල්ලූ පසුව විවිධ අප­හ­සු­තා­වට පත්වෙ­නවා.

මෙවැනි අව­ස්ථා­වල යාච­ක­යන් විවි­ධා­කා­ර­යෙන් වාහන සූර­නවා. පොලිස් කොට්ඨාස 45 ම නිල­ධා­රීන් දැනු­වත් කර තිබෙ­නවා. අපි මේ සම්බ­න්ධ­යෙන් චක්‍ර­ලේ­ඛ­යක් ද නිකු­ත්කර තිබෙ­නවා. පසු­ගිය සතියේ දී මෙවැනි සිඟ­මනේ යෙදෙන යාච­ක­යන් 94 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළා. අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කොට දිගු කලක් බන්ධ­නා­ගාර ගත කර­න්නෙත් නැහැ. ඔවුන්ට යම්කිසි දඩ මුද­ලක් නියම කොට ඇප මත මුදා හරි­නවා. එලෙස ඇප මත මුදා­හැරි පසුව නැව­තත් ඔවුන් එම රාජ­කා­රි­යම කර­නවා. කොළඹ දිශාව තුළ සංඥා ලාම්පු 180 ක් පමණ තිබෙ­නවා. ලංකාව පුරා මෙවැනි ස්ථාන 350 ක පමණ සංඥා ලාම්පු තිබෙ­නවා. රතු­එ­ළිය ක්‍රියා­ත්මක වන­විට යාච­ක­යන් සිඟ­මනේ යෙදෙ­නවා. ඇතැම් අව­ස්ථා­වල විවිධ අන­තුරු ද සිදු­වෙ­නවා. ඇතැම් යාච­ක­යන් වුව­ම­නා­වෙන්ම වාහ­න­ව­ලට හැප්පෙ­නවා. මෙවැනි තත්ත්ව­යන් හේතු­වෙන් ශ්‍රී ලංකා මෝටර් රථ සංග­මය ඇතුළු ආය­තන එක්ව මේ තත්ත්වය පිළි­බඳ අව­ධා­නය යොමු කර­නවා.

වීඩියෝ මගින් ඒ පිළි­බඳ දැනු­වත් කර­නවා. එවැනි අව­ස්ථා­වල මුදල් දීමෙන් වැළකී සිටිය යුතු වෙනවා. දණ්ඩ නීති සංග්‍ර­හ­යට අනුව මේ සම්බ­න්ධ­යෙන් කට­යුතු කරන්න පුළු­වන්. පොලි­සිය හා මෝටර් රථ සංග­මය, කොළඹ නගර සභාව අපේක්ෂා කරන්නේ නග­ර­යට පැමි­ණෙන විදේ­ශි­ක­යන්ට ඔවුන්ගේ ගම­නා­න්තය දක්වා කිසිඳු අප­හ­සු­තා­ව­කින් තොරව පව­තින බාධා­වන් ඉවත් කිරී­මයි. සිඟ­මනේ යෙදෙන යාච­ක­ය­න්ගෙන් කිසිඳු බාධා­ව­කින් තොරව ඔවුන්ගේ ගම­නා­න්තය දක්වා ගමන් කිරී­මට අවශ්‍ය වාතා­ව­ර­ණය සැල­සී­මයි. සිඟ­මනේ යෙදෙන පුද්ග­ල­යන් ඉවත් කිරීම සඳහා පොලි­සි­යට ක්‍රම­වේ­ද­යක් නැහැ. මේ සම්බ­න්ධ­යෙන් මාර්ගය භාවිත කරන රියැ­දු­රන් දැනු­වත් කිරීම තුළින් එය නව­ත්වන්න පුළු­වන්. යාච­ක­යන්ට මුදල් නොදීම තුළ එය සිදු­ක­රන්න හැකි­වෙ­නවා. ඒ අනුව අපි රියැ­දු­ර­න්ගෙන් ඉල්ලී­මක් කරන්නේ මෙවැනි යාච­ක­යන්ට මුදල් දීමෙන් වළ­කින ලෙසයි.

ඒ අනුව මාර්ග සංඥා කුලුනු ආස­න්නයේ යාච­ක­යන් රැඳෙන්නේ නැහැ. අපි එවැනි යාච­ක­යන් පිරි­ස­කට රැකියා දෙන්නත් අවශ්‍ය පිය­වර ගෙන තිබෙ­නවා. ඇතැම් අව­ස්ථා­වල මෙය ව්‍යාපා­ර­යක් විදි­යට කර­ගෙන යනවා. මේ සම්බ­න්ධ­යෙන් අපි පොලිස් නිල­ධා­රීන් ද දැනු­වත් කර තිබෙ­නවා. රථ­වා­හන නිල­ධා­රීන් කට­යුතු කරන්නේ මහ­ජන සුබ සිද්ධිය වෙනු­වෙන්. ඉදි­රියේ දී ආර­ක්ෂිත කැමරා පද්ධති භාවිත කර­මින් ලොව දියුණු රට­වල මෙන් රථ වාහන හැසි­ර­වී­මට අවශ්‍ය පිය­වර ගන්නවා. ඇතැම් යාච­ක­යන් රැකි­යා­වක් වශ­යෙන් සිඟ­මනේ යෙදෙ­නවා. ඔවුන් මත්ද්‍ර­ව්‍ය­ව­ලට ද ඇබ්බැහි වී තිබෙ­නවා. අප­රාධ විස­ඳීම සම්බ­න්ධ­යෙන් සිය­යට 85 ක පමණ ප්‍රග­ති­යක් ශ්‍රී ලංකා පොලි­සිය ලබා තිබෙ­නවා. මෙවැනි සිදු­වීම් සම්බ­න්ධ­යෙන් ස්ථිර තීන්දු තීර­ණ­ව­ලට පැමි­ණිය යුතු වෙනවා.

ලංකා ඔටෝ­මො­බ­යිල් සංග­මයේ ලේකම් දේව­ප්‍රිය හෙට්ටි­ආ­රච්චි මහතා, ව්‍යාපෘති කළ­ම­නා­කාර ප්‍රසන්න ද සොයිසා මහතා, උප සභා­පති ආනන්ද දංගල්ල සහ කොළඹ මහ­න­ගර සභා රථ­වා­හන නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.එම්.කේ. කුල­රත්න යන මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

මහින්ද අලු­ත්ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT