Home » ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් ගාසා තීරයේ සුන්බුන් ටොන් මිලි­යන 37ක් ගොඩගැසිලා

ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් ගාසා තීරයේ සුන්බුන් ටොන් මිලි­යන 37ක් ගොඩගැසිලා

ඉවත් කරන්න වසර 14ක් ගතවේවි - එ.ජා. බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ­ස­ට­හන් ප්‍රධානී

by Gayan Abeykoon
April 30, 2024 1:25 am 0 comment

ඊශ්‍රා­යල  ප්‍රහා­ර­ව­ලින් ගාසා තීරයේ සුන්බුන් ටොන් මිලි­යන 37ක් ගොඩ­ගැසී ඇතැයි  ද, පිපි­රී­මට ලක් නොවූ බෝම්බ විශාල ප්‍රමා­ණ­යක් ද ඒ අතර ඇතැයි ද එක්සත්  ජාතීන්ගේ සංවි­ධා­නයේ ඉරා­කයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ­ස­ට­හනේ ප්‍රධානි පෙහ්ර්  ලෝඩා­මර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ නේවා­සික  ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් 65%ක්ම විනාශ වී ඇති බවත්, සියලු සුන්බුන් ඉවත් කිරී­මට වසර  14ක් ගත­වනු ඇති බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රා­යල  ප්‍රහාර හේතු­වෙන් ගාසා තීරයේ විශාල බිම් ප්‍රමා­ණ­යක් මුළු­ම­නින්ම නට­බුන් බවට  පත්වී ඇතැයි ද, එම ප්‍රහා­ර­ව­ලින් පුපුරා නොගිය බෝම්බ 10%ක ප්‍රමා­ණ­යක්  ඉති­රිව ඇතැයි ද ඉරා­කයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ­ස­ට­හනේ ප්‍රධා­නියා සඳ­හන් කර  තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT