Thursday, May 16, 2024
Home » සා.පෙළ විභා­ගය අව­සන් වූ වහාම උසස් පෙළ පන්ති

සා.පෙළ විභා­ගය අව­සන් වූ වහාම උසස් පෙළ පන්ති

11 ශ්‍රේණිය තෙක් ඇති පාස­ල්වල දරු­වන්ට අනු­යුක්ත පාසල්

by Gayan Abeykoon
April 30, 2024 1:30 am 0 comment

මෙවර සාමාන්‍ය පෙළ විභා­ගය අව­සන් වූ වහාම විභා­ග­යට පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා පැවැ­සීය. පසු­ගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අත­පසු වූ අධ්‍ය­යන කට­යුතු හා පාසල් විභාග කාල­ස­ට­හන යථා­වත් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළට අනුව මෙවර සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටින සිසුන්ට එම විභා­ගය අව­සන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරී­මට සිදු වන බව ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

මහ­ර­ගම ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ නිල අන්ත­ර්ජාල ගුවන් විදුලි නාළි­කාව (NIE Visual Radio) ආරම්භ කිරීමේ වැඩ­ස­ට­හ­නෙහි ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වෙමින් ඇමැ­ති­ව­රයා ඊයේ (29) මේ බව කියා සිටි­යේය.

මෙම අභි­යෝ­ගා­ත්මක කාර්ය සිදු කිරීම සඳහා ගුරු­භ­ව­තුන්ගේ දැඩි කැප­වී­මක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂ­ණ­වේ­දය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැ­න්වී­මට අලු‍තෙන් ගුරු­ව­රුන් 3000ක් බඳවා ගන්නා බවත් ඇමැ­ති­ව­රයා කීය.  මේ සතිය තුළ ඔවුන් බඳවා ගැනීමේ සම්මුඛ පරී­ක්ෂණ පවත්වා අව­සන් වන බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පම­ණක් පන්ති පව­තින පාස­ල්වල දරු­වන් උසස් පෙළ හැදෑ­රී­මට වෙනත් පාස­ල­කට ඇතු­ළත් වීමේ ගැට­ලු‍වක් මෙහි දී මතු වන නිසා ඊට විස­ඳුම් ලෙස අමාත්‍ය මණ්ඩල සන්දේ­ශ­යක් හරහා අනු­මැ­තිය ලබා­ගෙන එම පාස­ල්වල දරු­වන්ට ප්‍රති­ඵල ලැබෙන තෙක් අවශ්‍ය පාස­ල්ව­ලට සුදුසු පරිදි අනු­යු­ක්ත­යක් ලබා­දී­මට ක්‍රියා කරන බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

මෙවැනි ක්‍රියා­මාර්ග ගැනීමේ අර­මුණ වනුයේ පාසල් දරු­වන්ට විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය සඳහා ඇති විය හැකි ප්‍රමා­ද­යන් වැනි අනිසි ප්‍රමා­ද­යන් වළක්වා ගනි­මින් මෙම වස­රත් සමඟ වසර දෙකක කාල­යක් තුළ පසු­ගිය කොවිඩ් සමයේ අත­පසු වූ අධ්‍ය­යන කට­යුතු යථා තත්ත්ව­යට ගෙන ඒම බවත් එය සාර්ථක කර ගැනී­මට සිය­ලු‍ ­දෙ­නා­ගේම සහ­යෝ­ගය හා කැප­වීම අත්‍ය­වශ්‍ය බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ නිල අන්ත­ර්ජාල ගුවන් විදුලි නාළි­කාව විකා­ශය වීමේ සමා­ර­ම්භක අව­ස්ථා­වට යුනි­සෙෆ් ආය­ත­නයේ ශ්‍රී ලංකා නියෝ­ජිත ක්‍රිස්ටි­යන් ස්කූග්(Christian Skoog) හා ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය ප්‍රසාද් සේතුංග මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීහු සහ­භාගී වූහ.

සන්ධ්යා කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT