Home » විශිෂ්ට දායකත්වයක් දැක්වූ සේවකයින්ට යුනියන් ඇෂුවරන්ස් වෙතින් සුවිශේෂී විදෙස් සංචාර

විශිෂ්ට දායකත්වයක් දැක්වූ සේවකයින්ට යුනියන් ඇෂුවරන්ස් වෙතින් සුවිශේෂී විදෙස් සංචාර

by sachintha
April 17, 2024 2:36 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යුනියන් ඇෂුවරන්ස්, එහි නියෝජිතායතන සහ බැංකු රක්‍ෂණ අංශවල කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කළ සේවකයින් හඳුනාගෙන ඔවුන්ට තිළිණ වශයෙන් සුවිශේෂී විදේශ සංචාර සංවිධානය කර තිබිණි. ඔවුන්ගේ ජයග්‍රහණ සැමරුම්වලට සමගාමීව තම කණ්ඩායම් සාමාජිකයින්ට ඉහළම මට්ටමේ ත්‍යාග සහ ඇගයීමේ වැඩසටහන් පැවැත්වීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම දක්වන කැපවීම මෙම සංචාරවලින් පිළිබිඹු වේ.

නියෝජිතායතන අංශය විසින් මැලේසියාව සහ වියට්නාමය වෙත සංචාර පිරිනමනු ලැබූ අතර, බැංකු රක්ෂණ අංශය මඟින් මැලේසියාව, වියට්නාමය සහ ඩුබායි යන රටවල් වෙත ආකර්ෂණීය සංචාර පිරිනැමීය. එම සංචාර සඳහා 125කට අධික පිරිසක් එක්ව සිටි අතර, මෙම සංචාර තුළින් ගවේෂණාත්මක සහ සංස්කෘතික අනාවරණයන්ගෙන් සපිරි ගැඹුරු අත්දැකීම් ලැබිණි. සංචාරවලට සහභාගිවූවන්ට සුවිශේෂී ස්ථාන නැරඹීමට, සත්කාරක රටවල විචිත්‍රවත් සංස්කෘතීන් භුක්ති විඳීමට සහ සමාගමේ සගයින් සහ කළමනාකාරිත්වය සමඟ සබඳතා ගොඩනගා ගැනීමෙන් ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි විය.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන නියෝජිතායතන නිලධාරි රිෂාඩ් මන්සූර් මහතා අවධාරණය කළේ, “යුනියන් ඇෂුවරන්ස් සමාගම තුළ, අපගේ සාර්ථකත්වයේ මූලික කුලුනු ලෙස හඳුනාගෙන සිටින සෑම කණ්ඩායම් සාමාජිකයෙකුගේම දායකත්වය අපි ඉතා ඉහළින් සලකනවා. ඒ නිසා අපගේ වටිනා රක්ෂණ ඔප්පු හිමියන් වෙත අතිවිශිෂ්ට සේවාවන් සැපයීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කණ්ඩායමේ ජයග්‍රහණ අගය කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙම චාරිකාවලට සුදුසුකම් ලැබූ සියලුම දෙනාට මගේ සුබ පැතුම් පිරිනමන අතර ඔවුන්ගේ කැපවීම සම්බන්ධයෙන් කෘතඥතාව පළ කරනවා. අපි ඔවුන්ගේ ජයග්‍රහණ සමරන අතර, අපගේ කණ්ඩායම්වල සාමාජිකයින්ට දියුණු විය හැකි සහයක් සහ සවිබලගැන්වීමේ පරිසරයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන හවුල්කාරිත්ව බෙදාහැරීමේ නිලධාරිනී වත්සලා අලුත්ගෙදර මහත්මිය ප්‍රකාශ කළේ “බැංකු රක්ෂණ අංශයේ වසර 14කට වැඩි විශිෂ්ටත්වයක් සමඟින්, යුනියන් ඇෂුවරන්ස් සමාගම සිය කණ්ඩායමේ සාමාජිකයින්ගේ වෘත්තීය සහ පෞද්ගලික ප්‍රගතියට සහය වන ධනාත්මක සංස්කෘතියක් පෝෂණය කිරීමට දැඩිව කැපවී සිටිනවා. බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ අනන්‍ය වූ අවශ්‍යතා අනුව සකස් කරන ලද රක්ෂණ කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ ත්‍යාග සහ අගැයීමේ වැඩසටහන් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම එම කැපවීමට ප්‍රධාන හේතුවයි. මේ හරහා පුළුල් පුහුණු වැඩසටහන් සහ සංවර්ධන වැඩසටහන් සමගින් සෑම කණ්ඩායම් සාමාජිකයෙකුටම ඔවුන්ගේ භූමිකාවන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය සම්පත් සහ ඉඩප්‍රස්ථා හිමි වන බව අපි සහතික කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT