Home » අල්ලන්න සිටි ‘චිටී’ ඩුබායි පනින්න යද්දී ගුවන් තොටේදී මාට්ටු
නාවික ලුති­නන් දෙදෙ­නාගේ කුඩු ජාවා­ර­මට

අල්ලන්න සිටි ‘චිටී’ ඩුබායි පනින්න යද්දී ගුවන් තොටේදී මාට්ටු

by Gayan Abeykoon
April 30, 2024 1:20 am 0 comment

 නාවික හමු­දාවේ ලුති­නන් කර්න­ල්වරු දෙදෙ­නකු සමඟ කළ මත්කුඩු ජාවා­ර­මක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට මුල්ලේ­රි­යාව පොලි­සිය සොය­මින් සිටි පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වකු වන එල්ලා­ව­ලගේ සරත් කුමාර නොහොත් “චිටී” නමැත්තා වෙනත් පුද්ග­ල­යකු නමින් පෙනී සිටි­මින් සක­ස්කළ විදෙස් ගමන් බල­ප­ත්‍ර­ය­කින් රටින් පලා­යා­මට පෙරේදා (28) සූදා­නම් වූ අව­ස්ථාවේ දී කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ ස්ථාපි­ත­කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධ­තිය (Automated Facial Recognize System) මගින් හඳු­නා­ගෙන අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.  

ඉන්දි­යාවේ දී සිය අනි­යම් බිරිය හා ගෝල­බා­ල­යින් කිහි­ප­දෙ­නෙ­කුගේ සැල­සු­ම­කට අනුව ඝාත­නය වූ පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වකු වූ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝල­යෙක් ලෙස කලක් කට­යුතු කර ඇති මෙම පුද්ග­ලයා පසු කාලයේ පොලිස් ඔත්තු­ක­රු­වකු ලෙස ක්‍රියා­කර ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

මුල්ලේ­රි­යාව පොලි­සිය පසු­ගිය 19 වෙනිදා නාවික හමුදා ලුති­නන් කර්න­ල්වරු දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සම­ගිනි. ඒ සම්බ­න්ධ­යෙන් කළ දීර්ඝ විම­ර්ශ­නයේ දී හෙළි­වන්නේ නාවික හමුදා සාමා­ජි­ක­යන්ට එම අයිස් තොගය ලබා දී ඇත්තේ චිටී නමැති මෙම සැක­කරු විසින් බවය.

නො. 214/එස්, දෙලි­ග­හ­වත්ත, අංගොඩ, මුල්ලේ­රි­යාව ලිපි­නයේ පදිං­චි­ක­රු­වකු වන එල්ලා­ව­ලගේ සරත් කුමාර නොහොත් චිටී අවු­රුදු 47ක් වය­සැති අයෙකි. ගුව­න්තො­ටු­පොළේ ක්‍රියා­ත්මක මුහුණ හඳුනා ගැනීමේ පද්ධ­තිය පාල­නය වන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව යට­තේය.

කච්ච­ක­ඩුගේ ප්‍රසන්න සිල්වා නමින් සක­ස්කළ විදේශ ගමන් බල­ප­ත්‍ර­ය­කින් චිටී නමැති මෙම පුද්ග­ලයා ඩුබායි බලා යාමට ගුව­න්තො­ටු­පො­ළට පැමිණ සිටි­යදී හසු­වන්නේ ඔහුගේ මුහුණ අදාළ පද්ධ­තිය මඟින් හඳුනා ගැනී­මත් සමඟ කළ පරික්ෂා කිරී­ම්ව­ල­දීය.

වෙනත් පුද්ග­ල­ය­කුගේ නමින් සකස් කළ ජාතික හැඳු­නු­ම්ප­තක් සහ එම නමින් ඇති උප්පැන්න සහ­ති­ක­යක් යොදා­ගෙන මෙම විදෙස් ගමන් බල­ප­ත්‍රය ඔහු විසින් සක­ස්ක­ර­ගෙන ඇත්තේ පසු­ගිය පෙබ­ර­වාරි 06 වැනි­දාය. එම ජාතික හැඳු­නු­ම්පත හා විදෙස් ගමන් බල­ප­ත්‍ර­යට අනුව මෙම පුද්ග­ලයා 1977 අගෝස්තු 12 වැනිදා උපන් අයකු ලෙස සැලකේ. මුහුණු හඳුනා ගැනීමේ පද්ධ­තිය විසින් ලබා­දුන් තොර­තුරු ඔස්සේ මෙම සැක­ක­රුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ය.

පොලි­සිය සඳ­හන් කරනු ලබන්නේ නාවික හමුදා නිල­ධා­රීන් දෙදෙනා සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­නයේ දී මෙම පුද්ග­ලයා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් මෙර­ටට රැගෙ­න­විත් බෙදා හැරීමේ ජාවා­ර­ම­කට ද සම්බන්ධ බවට තොර­තුරු හෙළිවී ඇති බවය.

වැල්ල­ම්පි­ටිය පොලිස් වසමේ දී 2011 වසරේ දී පුද්ග­ල­ය­කුට වෙඩි­තබා මනුෂ්‍ය ඝාත­න­යක් කිරීම, ගිනි අවි ළඟ තබා ගැනීම ඇතුළු තවත් අප­රාධ රැස­කට මොහු සම්බන්ධ බවට තොර­තුරු ඇතැයි පොලිස් මූල­ස්ථා­නය සඳ­හන් කරයි.

චිටී නමැති මෙම සැක­ක­රුගේ ඉති­හා­සය විම­සීමේ දී අනා­ව­ර­ණය වන්නේ ඔහු පාතා­ල­යට වැටෙ­න්නට පෙර අංගොඩ පැත්තේ පිහිටි වෙල්වල කසිප්පු පෙරා බෙදා හැරීමේ ජාවා­ර­මක නිර­ත­වූ­වෙක් බවය. එකල අංගොඩ ලොක්කා ද සිට ඇත්තේ මෙම පුද්ග­ල­යාගේ ගෝල­යෙක් ලෙස කසිප්පු වාඩියේ බව සඳ­හන්ය. අංගොඩ ලොක්කා පාසල් ගමන හමාර කිරී­මෙන් පසු චිටී නමැති මෙම පුද්ග­ල­යාගේ කසිප්පු වාඩියේ වැඩට ගොස් ඒ හරහා දේශ­පා­ල­න­ඥ­යෙක් සමඟ සම්බ­න්ධ­වී­මෙන් අන­තු­රුව පාතා­ලයේ වැඩ්ඩෙක් ලෙස කර­ළි­යට පැමිණ මත්කුඩු ජාවා­රම සිදු­කර ඇති බවත් පසුව චිටී, අංගොඩ ලොක්කාගේ ගෝල­යෙක් බවට පත්ව ඇති බවත් ඒ ගැන තොර­තුරු විම­සීමේ දී අනා­ව­ර­ණය වේ.

අංගොඩ ලොක්කාගේ පාතා­ලයේ අප­රාධ සිය­ල්ල­කම පිටු­පස චිටී නමැත්තා සිට ඇති අතර මුදල් බෙදී යාමේ දී ඇති­වුණු ආර­වු­ල්මත ඔහු අංගොඩ ලොක්කා­ගෙන් කැඩී වෙන්වී ඇතැයි ද පැවසේ. අන­තු­රුව අංගොඩ ලොක්කාගේ කල්ලිය පිළි­බ­ඳව පොලි­සි­යට ඔත්තු සප­ය­න්නෙක් ලෙස ද මොහු කට­යුතු කර ඇත.

අංගොඩ ලොක්කාව ඉන්දි­යාවේ දී ඝාත­නය කිරීම සඳහා සැල­සු­මක් සකස් කර ඇතැයි පැව­සෙන්නේ ද චිටී විසිනි. අංගොඩ ලොක්කා අතින් ඝාත­නය වූ රත්ත­රන් නමැ­ත්තාගේ බිරිය ඉන්දි­යා­වට යවා අංගොඩ ලොක්කාගේ අනි­යම් බිරි­යක් බවට පත්කර එම ඝාත­නය සිදු­කර ඇතැයි කියැ­වෙන්නේ ද චිටී විසිනි.

අංගොඩ ලොක්කාගේ විශ්වා­සය ඇය දිනා අංගොඩ ලොක්කා සිය සිරුර වර්ධ­නය කර ගැනී­මට භාවිත කරන ශක්ති­ජ­නක පාන­යක් අධි­මා­ත්‍රා­වෙන් ලබා දී ඇති බව කියැවේ. ඒ තුළින් හට­ගත් අතු­රු­ආ­බා­ධ­යක් ලෙස හෘද රෝග­යෙන් අංගොඩ ලොක්කා මිය­ගොස් ඇති බවත් සඳ­හන්ය. අංගොඩ ලොක්කා මිය ගිය පසු රෝහලේ බිම දමා තිබුණු ඔහුගේ ඡායා­රූ­පය මෙරට ආර­ක්ෂක අංශ වෙත එකල ලබා දී තිබුණේ ද චීටි ය.

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ ගෝන­හේන කඳ­වුරේ නිල­ධා­රීන් 2020 වසරේ නොවැ­ම්බර් මස වැලි­ගම දී අල්ලා­ගත් හෙරො­යින් කිලෝ 112 පිටු­පස ද චීටි සිටි බව එකල පොලි­සිය සඳ­හන් කළේය.

ඒ සම්බ­න්ධ­යෙන් සහ තවත් අප­රාධ රැසක් සම්බ­න්ධ­යෙන් චිටීව මෙයට පෙර අව­සන් වරට අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණේ 2021 වසරේ අප්‍රේල් 08 වැනි­දාය. පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින් ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණේ අංගොඩ, දෙල්ග­හ­වත්තේ පිහිටි නිවසේ රැඳී සිටි­ය­දීය. එම නිවසේ ඔහු භූගත බංක­ර­යක් පවා සකස් කර තිබී සොයා­ග­ත්තේය.

සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 4දා තෙක් රඳවා ප්‍රශ්න කිරීමට මුල්ලේරියාව පොලිසියට ඊයේ (29) අවසර දුන්නාය.

ගයාන් කුමාර වීර­සිංහ, නිමන්ති රණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT